1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”

عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ:
«ذَاقَ طَعْمَ الْإِيمَانِ مَنْ رَضِيَ بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ رَسُولًا».

අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”

صحيح رواه مسلم صحيح مسلم - 34

විවරණය

දේවත්වය පිළිබඳ විශ්වාසය තම සිත තුළ තැන්පත් වූ සැබෑ දේව විශ්වාසියා, ඔහුගේ සිත තුළ පුළුල් බව, විස්තීරණය, සතුට, සුවය, මිහිර අල්ලාහ්ගෙන් ලබනුයේ මෙම කරුණු තුන පිළිගත්තේ නම් පමණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
පළමුව: අල්ලාහ්ව පරමාධිපති ලෙස පිළිගැනීමය. එනම් පෝෂණ සම්පත් හා අවස්ථාවන් බෙදා හැරීමේ දී දේව පරිපාලනය අනුව අල්ලාහ් ගෙන් පැමිණෙන දෑ විවෘත හදවතින් පිළිගැනීමය. ඔහුගේ හදවත තුළ එයට පටහැනි දෙයක් විය නොහැක. උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු පරමාධිපති ලෙස නොසෙවිය යුතු යැයි අවවාද කෙරේ.
දෙවැන්න: ඉස්ලාමය දහම ‌ලෙස පිළිගැනීමය. එනම් ඉස්ලාමය තුළ පවතින වගකීම් හා පැවරුම් සම්බන්ධයෙන් සෑහීමට පත්ව ඒවා විවෘත හදවතින් බැලීම ය. ඉස්ලාමය හැර වෙනත් මාර්ගයක ඔහු නොයා යුතුය.
තුන්වැන්න: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ධර්ම දූතයා ලෙස පිළිගැනීමය. එනම් එතුමාණන් ගෙන ආ සියලු දෑ කිසිදු සැකයකින් හෝ කුතුහලයකින් තොරව ඉතා සතුටින් හා විවෘත හදවතින් පිළිගැනීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට අනුගත වන දෑ හැර වෙනත් මඟක ගමන් නො කළ යුතු ය.

හදීසයේ හරය

  1. මුවින් ආහාර පාන රස විඳින්නක් මෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය සතුව හදවත සුවය විඳින මිහිරක් හා සුවයක් ඇත.
  2. ආහාර පාන වල මිහිර ශරීරය සුව විඳිනුයේ එය මනා සෞඛ්‍ය තත්ත්වයෙන් තිබෙන විට පමණි. එමෙන්ම හදවත නොමග හරින සුළු ආශාවන්ගෙන් හා තහනම් කරන ලද ඉච්ඡාවන්ගෙන් පිරිසිදු වූ විටෙක පමණය ඊමාන් හෙවත් දේවත්වය විශ්වාස කිරීමෙන් ලැබෙන සුවය ලබනුයේ. එය රෝගී වූ විටෙක, ඊමානයේ සුවය නොලබනු ඇත. ඒ වෙනුවට ඔහුව විනාශ කරන ආශාවන් හා පාපයන් ඒ තුළ වැළඳ ගන්නට බලනු ඇත.
  3. මිනිසා යම් කරුණක් පිළිගෙන, එහි යහපත පතන විටෙක එහි කටයුතු ඔහුට පහසු වනු ඇත. ඉන් කිසිවක් ඔහුට අපහසු වන්නේ නැත. ලැබෙන සෑම දෙයකින්ම ඔහු සතුටු වනු ඇත. හදවත එහි තිරයෙන් ස්පර්ශ වනු ඇත. ‌එලෙසම, මුඃමින්වරයකුගේ හදවත තුළට දේව විශ්වාසය ප්‍රවේශ වූ විටෙක තම පරමාධිපතියාණන්ට අවනත වීම ඔහුට පහසු වන අතරම ඒ සඳහා මිහිරක් ඔහු ලබනු ඇත. ඒ සඳහා සහය දැක්වීමට ඔහුට දුෂ්කර නොවනු ඇත.
  4. ඉබ්නුල් කය්යුම් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ අල්ලාහ්ගේ පරිපාලනත්වය ඔහුගේ දේවත්වය මෙන්ම දේව දුතයාන්ව පිළිගැනීම ඔහුට අවනත වීම, ඔහුගේ දහම පිළිගැනීම හා එයට අවනත වීම යනාදිය ඇතුළත් වී තිබෙන බව සළකන්න.

අර්ථ කථන නිරීක්ෂණය

51 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية