«مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ، وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 49]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 49]
තම හැකියාව අනුව පිළිකුල් සහගත දෑ වළක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කරති. - එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ සියලු දෑම වේ. ඔහු යම් පිළිකුල් සහගත දෙයක් දුටු විටෙක, ඔහුට හැකියාව ඇත්නම් ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. එයට නොහැකි වූයේ නම් ඔහු තම දිවෙන් එය වැළැක්විය යුතුය. එනම් කෙනෙකු කළ වරදින් වළක්වා එහි හානිය ඔහුට පැහැදිලි කර දී එම නපුර වෙනුවට යහපත වෙත ඔහුට මඟ පෙන්වීම තුළිනි. එම ස්ථාවරයේ හිඳ ඔහුට එය වැළැක්විය නොහැකි වූයේ නම්, එම පිළිකුල් සහගත දෑ පිළිකුල් කරමින් හා තමන්ට එය වැළැක්විය හැකි නම් තමන් එය වළක්වන බවට තරයේ අධිෂ්ඨාන කරමින් ඔහු තම හදවතින් එය පිළිකුල් කළ යුතුය. පිළිකුල් සහගත දෑ වැළැක්වීමේ වීෂයෙහි ඊමාන් නොහොත් දේව විශ්වාසයේ දුර්වලතම මට්ටම වන්නේ හදවතින් එය පිළිකුල් කිරීමය.
إرشاد من هو تحت يد الشخص وتحت رعيته وتغيير المنكر إذا صدر منهم.ذكر المراجع
للنهي عن المنكر آداب وشروط ينبغي على المسلم أن يتعلمها.ممتاز