عَنْ عَائِشَةَ أُمِّ المُؤْمنين رَضيَ اللهُ عنها قَالَتْ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ حُفَاةً عُرَاةً غُرْلًا» قُلْتُ: يَا رَسُولَ اللهِ النِّسَاءُ وَالرِّجَالُ جَمِيعًا يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ؟ قَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عَائِشَةُ، الْأَمْرُ أَشَدُّ مِنْ أَنْ يَنْظُرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2859]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2859]
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතැම් තත්ත්වයන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. "මිනිසුන් ඔවුන්ගේ මිනී වලවල්වලින් අවදි කිරීමෙන් පසුව විනිශ්චය සඳහා එක් රැස් කරනු ලබති. එවිට ඔවුන් පාවහන් නොමැතිව හිස් කකුලෙන් ද, ඇඳුමක් හෝ ආවරණයක් නොමැතිව නිරුවතින් ද චර්මච්ඡේදනය නොකර ඔවුන්ගේ මවුවරුන් ඔවුන් ප්‍රසූත කල මුල් උපන් තත්ත්වයේ ද සිටිති." මේ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සවන් දුන් කල්හි, ඇය මවිතයට පත්ව මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?!" එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ: "මිය ගොස් යළි අවදි කර පසු නවතින, එක්රැස් කරනු ලබන ස්ථානයේ පවතින බිහිසුණුකම හමුවේ ඔවුනොවුන් රහස්‍ය පෙදෙස් වෙත ඔවුන්ගේ බැල්ම හෙළන තරමට සැළකිල්ලක් එදින නොවනු ඇත.