عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«أَيُّهَا النَّاسُ، إِنَّ اللهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا، وَإِنَّ اللهَ أَمَرَ الْمُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ الْمُرْسَلِينَ، فَقَالَ: {يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا، إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ} [المؤمنون: 51] وَقَالَ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} [البقرة: 172] ثُمَّ ذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ: يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لِذَلِكَ؟».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේද එයම දෙවියන් විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ (සූරතුල් මුඃමිනූන්හි 51 වන පාඨය) “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යැයි පාරායනය කොට තවදුරටත් (සූරතුල් බකරා හි 173 වන පාඨය) අහෝ විශ්වාස කරන්නනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන වැකිය අල්ලාහ් පවසන බව ප්රකාශ කර සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට ‘අහෝ! මාගේ පරමාධිපතියාණනි, අහෝ! මාගේ පරමාධිපතියාණනි, යැයි ප්රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ වස්ත්රය අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම අල්ලාහ් සියලු අඩුපාඩු හා දොස්වලින් පිවිතුරුය. කීර්තිමත්, අලංකාර හා පූර්ණවත් ගුණාංගවලින් ඔහු වර්ණනා කරනු ලැබ ඇත. එහෙයින් තහනම් දෙයකින් හෝ සැකයක් මුසු වූ දෙයකින් හෝ පිළිකුල් සහගත ආහාරයකින් හෝ යම් වියදමක් හෝ යම් පුණ්යාධාරයක් සිදු කිරීමෙන් ඔහු වෙත ළඟා විය නොහැක. දහම් දූතරවන්හට දැහැමි ක්රියාවන් හා අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද සඳහා ඔවුන් ඔහුට කෘතඥතාව පුද කිරීමත් සමග පිරිසිදු ආහාරය අනුමත කළාක් මෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හටද අනුමත කළේය. පසුව සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ වියදම් කිරීමට ප්රිය කරන්නාක් මෙන්ම ඔහු යහපත් දෑ හැර වෙනත් ක්රියාවන් ප්රිය කරන්නේ ද නැති බවත් චිත්ත පාරිශුද්ධිය හා සත්යය අනුගමනය කිරීම තුළින් මිස ක්රියාවන් පිරිසිදු වන්නේ නැත යැයි දූතයාණන් පැහැදිළි කළේය. පසුව එතුමා තම සමූහයාට ‘හරාම්’ අනුමත නොවන දෑ පිළිබඳ උපමාවක් ඉදිරිපත් කරමින් අවවාද කළහ. එහි දිගු ගමනක් යන මිනිසෙකු වෙයි. එනම් හජ් වන්දනාව, ධර්ම යුද්ධය හා ජීවනෝපාය වැනි දේවත්වයට යටත් වූ කටයුත්තක් සහිත ගමනකි. දිගු ගමනක ඔහු නිතරවූ බැවින් ඔහුගේ වර්ණය වෙනස් වී හිස කෙස් අවුල් වී තිබිණ. ඔහු අල්ලාහ් වෙත ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත්ව කණ්ණලව් කරමින් ඔහුගේ දෑත් අහස වෙතට දිගු කරයි. නමුත් එසේ කළ ද ඔහුගේ ඉපැයීම කිලිටි නිසාවෙන් ඔහුගේ ආහාර හා පානද අනුමත නොවීය. එබැවින් ඔහුට පිළිතුරු දෙනු ලැබීමෙන් ඔහු දුරස් කරනු ලැබීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර