عَنْ أَبِي ذَرٍّ، جُنْدُبِ بْنِ جُنَادَةَ، وَأَبِي عَبْدِ الرَّحْمَنِ، مُعَاذِ بْنِ جَبَلٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«اتَّقِ اللَّهَ حَيْثُمَا كُنْت، وَأَتْبِعْ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقْ النَّاسَ بِخُلُقٍ حَسَنٍ».
[قال الترمذي: حديث حسن] - [رواه الترمذي] - [الأربعون النووية: 18]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර් ජුන්දුබ් ඉබ්නු ජුනාදා සහ අබූ අබ්දිර් රහ්මාන්, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී.
"ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
[قال الترمذي: حديث حسن] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [الأربعون النووية - 18]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණු තුනක් පිළිබඳව නියෝග කර සිටියේය. පළමුවැන්න: අල්ලාහ් පිළිබඳ භක්තිමත්භාවය, එය වගකීම් ඉටු කිරීම තුළින් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීම තුළින් සිදු වේ. සෑම ස්ථානයකම සෑම කාලයකම සෑම තත්ත්වයකම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ වුව ද නිරෝගී තත්ත්වයක හෝ රෝගී තත්ත්වයක වුව ද මේ හැර වෙනත් සෑම තත්ත්වයකම භක්තිමත්භාවය පිහිටිය යුතුය. දෙවැන්න: ඔබ යම් වැරදි මඟක (පාපයක) වැටුණු විටෙක. ඉන් පසු සලාතය, සදකා නම් දානය, ඥාතී සම්බන්ධකම් රැකීම, පාපක්ෂමාව හෝ වෙනත් යම් යහපත් කටයුත්තක් සිදු කළ යුතු ය. එය එම පාපය මකා දමනු ඇත. තුන්වැන්න: යහපත් ගුණධර්ම පිළිපදිමින් මිනිසුන් සමග කටයුතු කිරීම. එනම් ඔවුන් සමග සිනහමුසුවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කිරීම, හානිය වැළැක්වීම යනාදියයි.