كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، تِسْعَةً أَوْ ثَمَانِيَةً أَوْ سَبْعَةً، فَقَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» وَكُنَّا حَدِيثَ عَهْدٍ بِبَيْعَةٍ، فَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، ثُمَّ قَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» فَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، ثُمَّ قَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» قَالَ: فَبَسَطْنَا أَيْدِيَنَا وَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، فَعَلَامَ نُبَايِعُكَ؟ قَالَ: «عَلَى أَنْ تَعْبُدُوا اللهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا، وَالصَّلَوَاتِ الْخَمْسِ، وَتُطِيعُوا -وَأَسَرَّ كَلِمَةً خَفِيَّةً- وَلَا تَسْأَلُوا النَّاسَ شَيْئًا» فَلَقَدْ رَأَيْتُ بَعْضَ أُولَئِكَ النَّفَرِ يَسْقُطُ سَوْطُ أَحَدِهِمْ، فَمَا يَسْأَلُ أَحَدًا يُنَاوِلُهُ إِيَّاهُ. المزيد
අබූ මුස්ලිම් අල්-හඃව්ලානී විසින් වාර්තා කරන ලදී. හබීබුල් අමීන් මට මෙසේ පැවසීය. ඔහු මා වෙත ප්‍රයමනාප අයෙකි. එමෙන්ම මා ඉදිරියේ ඔහු විශ්වාස වන්ත අයෙකි. අව්ෆ් ඉබ්නු මාලික් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හත් අට දෙනෙක් හෝ නව දෙනෙක් පමණ සිටියෙමු. එවිට එතුමා 'ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?' යැයි පැවසූහ. එවිට අපි බය්ආ හි ප්‍රතිඥා දුන්නේ ටික වේලවකට පෙරය. එහෙයින් අපි : “අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබට ප්‍රතිඥා දී ඇත්තෙමුයි" පැවසුවෙමු. පසුව ද එතුමාණෝ: "ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?" යැයි විමසූහ. පසුව අපගේ අත් දිගුකොට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබට ප්‍රතිඥා දීමට -කැමෙත්තෙන්- සිටිමු. එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ. මෙම පිරිසෙන් ඇතැමුන් වෙත මගේ අවධානය යොමු කර ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකළෝය.