عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ رضي الله عنه قَالَ: قِيلَ لَهُ: أَلَا تَدْخُلُ عَلَى عُثْمَانَ فَتُكَلِّمَهُ؟ فَقَالَ: أَتَرَوْنَ أَنِّي لَا أُكَلِّمُهُ إِلَّا أُسْمِعُكُمْ؟ وَاللهِ لَقَدْ كَلَّمْتُهُ فِيمَا بَيْنِي وَبَيْنَهُ، مَا دُونَ أَنْ أَفْتَتِحَ أَمْرًا لَا أُحِبُّ أَنْ أَكُونَ أَوَّلَ مَنْ فَتَحَهُ، وَلَا أَقُولُ لِأَحَدٍ يَكُونُ عَلَيَّ أَمِيرًا: إِنَّهُ خَيْرُ النَّاسِ بَعْدَمَا سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«يُؤْتَى بِالرَّجُلِ يَوْمَ الْقِيَامَةِ، فَيُلْقَى فِي النَّارِ، فَتَنْدَلِقُ أَقْتَابُ بَطْنِهِ، فَيَدُورُ بِهَا كَمَا يَدُورُ الْحِمَارُ بِالرَّحَى، فَيَجْتَمِعُ إِلَيْهِ أَهْلُ النَّارِ، فَيَقُولُونَ: يَا فُلَانُ مَا لَكَ؟ أَلَمْ تَكُنْ تَأْمُرُ بِالْمَعْرُوفِ، وَتَنْهَى عَنِ الْمُنْكَرِ؟ فَيَقُولُ: بَلَى، قَدْ كُنْتُ آمُرُ بِالْمَعْرُوفِ وَلَا آتِيهِ، وَأَنْهَى عَنِ الْمُنْكَرِ وَآتِيهِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

උසාමා ඉබ්නු සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ; නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් එල්ලෙමින් පවතී. ඇඹරුම් ගල වටා බූරුවන් යමින් සිටින්නාක් මෙන් ඔහු වටා ගමන් කරවනු ලබයි. පසුව ඔහු වෙත නිරාවාසීහු එක්රැස් වී මෙසේ විමසති. ‘අහෝ පුද්ගලය! ඔබට කුමක් සිදුවීද? ඔබ යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් සිටියා නොවේද? එවිට ඔහු: එසේය, මම යහපත නියෝග කරමින් සිටියෙමි. නමුත් මම එය ක්රියාවට ගෙන ආවේ නැත. එමෙන්ම මම අයහපත වළක්වමින් සිටියෙමි. නමුත් මම එය ක්රියාවට ගෙන ආවෙමි.’”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

යහපත විධානය කර එය ක්රියාවට නොනංවන අයපතින් වළක්වා එය සිදු කරන පුද්ගලයා හට දැඩි අවවාදයක් මෙම හදීසයේ සඳහන්ව ඇත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මලක්වරුන් පුද්ගලයකු රැගෙනවිත් කිසිදු කාරුණිකභාවයෙන් තොරව මුහුදට ගලක් විසි කරන්නාක් මෙන් එකවර අපා ගින්නට හෙළනු ඇත. දැඩි සේ හෙළනු ලබන බැවින් ඔහුගේ බඩවැල් එළියට ඇවිත් ඔහුගේ එම බඩවැල් සමගම ඇඹුරුම් ගලක් වටා බූරුවන් කැරකෙන්නාක් මෙන් කැරකෙමින් සිටියි. එවිට ඔහු වෙත අපා වාසීන් එක්රැස් වී ඔබට කුමක් සිදුවීදැ?යි විමසති. එනම් ‘ඔබව මෙහි ගෙන ආවේ කුමක් ද? ඔබ යහපත විධානය කළෙහිය. අයහපතින් වැළැක්වූයෙහිය. පසුව ඔහු විසින් පිළිගෙන මෙසේ පවසයි: ‘මම යහපත විධානය කරමින් සිටියෙමි. නමුත් මම එය සිදු නොකළෙමි. එමෙන්ම අයහපතින් වළක්වා සිටියෙමි. පසුව මම එය සිදු කළෙමි’ යැයි පවසයි. පුද්ගලයකුට අනිවාර්යය වන්නේ පළමුව තමන්ගෙන් ආරම්භ කොට තමන්ට යහපත විධානය කොට තමන්ව අයහපතින් වැළැක්වීමය. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් පසු ජනයා අතර වගකීම් ඉටු කිරීමට වඩාත් වැදගත් වනුයේ ඔබමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

فتندلق أقتاب بطنه:
تخرج أمعاؤه
الرحى:
حجر الطاحون
අමතර