«مَثَلُ القَائِمِ عَلَى حُدُودِ اللَّهِ وَالوَاقِعِ فِيهَا، كَمَثَلِ قَوْمٍ اسْتَهَمُوا عَلَى سَفِينَةٍ، فَأَصَابَ بَعْضُهُمْ أَعْلاَهَا وَبَعْضُهُمْ أَسْفَلَهَا، فَكَانَ الَّذِينَ فِي أَسْفَلِهَا إِذَا اسْتَقَوْا مِنَ المَاءِ مَرُّوا عَلَى مَنْ فَوْقَهُمْ، فَقَالُوا: لَوْ أَنَّا خَرَقْنَا فِي نَصِيبِنَا خَرْقًا وَلَمْ نُؤْذِ مَنْ فَوْقَنَا، فَإِنْ يَتْرُكُوهُمْ وَمَا أَرَادُوا هَلَكُوا جَمِيعًا، وَإِنْ أَخَذُوا عَلَى أَيْدِيهِمْ نَجَوْا، وَنَجَوْا جَمِيعًا». المزيد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය. එහි පහළ කොටසේ සිටින්නන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නොකර අපගේ කොටසෙහිම අපි විවරයක් සාදා ගත්තේ නම් මැනව’ යැයි පැවසුවෝය. මොවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මොවුන් අත්හැර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනාම විනාශ වී යනු ඇත. නමුත් ඔවුහු මොවුන්ගේ අත්වලින් අල්ලාහ් ගත්තේ නම්, ඔවුන් ද දිවි ගලවා ගන්නා අතරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.”