عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى عَنِ النَّذْرِ، وَقَالَ: «إِنَّهُ لَا يَأْتِي بِخَيْرٍ، وَإِنَّمَا يُسْتَخْرَجُ بِهِ مِنَ الْبَخِيلِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එතුමා: "c2">“සැබැවින්ම භාරහාර තැබීම යහපතක් ගෙන දෙන්නේ නැත. එමගින් මතු වනුයේ මසුරුකම පමණය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එසේ වැළැක්වීමට හේතුව සැබැවින්ම එය යහපත ගෙන දෙන්නක් නොවන බැවිණි. එමෙන්ම එහි පුද්ගලයෙකු තමාට හැකි යමක් කිරීමට බැඳී සිටීම ද එයට හේතුව වන්නේය. (එසේ භාරහාර තැබීම හේතුවෙන්) එය ඉටු කිරීමට තමා අසමත් වනු ඇතැයි ඔහු බිය වෙයි. එමෙන්ම යමක් ලබා ගැනීම හෝ පිළිකුල් දෙයක් ඉවත් කිරීම මත අත්‍යවශ්‍ය ලෙස නැමදුම් ඉටු කිරීමේදී අල්ලාහ් සමග වන හුවමාරුවක් එහි පැවතීම ද තවත් හේතුවක් වන්නේය. ඇතම් විට -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා-! ඔහුගේ නැමදුම් ඉටු කිරීම නිසාවෙන් අල්ලාහ් තම ඉල්ලීමට පිළිතුරු දී ඇතැයි සිතා ඒ මත පිහිටන්නට බලනු ඇත. මෙම හේතූන් හා වෙනත් හේතූන් මත වඩාත් ආරෝග්යමත්භාවය දිරි ගන්වමින් ද කිසිදු අපේක්ෂාවකින් හෝ කොන්දේසියකින් තොරව අල්ලාහ්ගේ වරප්‍රසාද මත බලාපොරොත්තු තබමින් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. සැබැවින්ම එය සිදුවිය යුත්තේ අපේක්ෂාවෙන් හා ප්‍රාර්ථනාවෙනි. භාරහාර තැබීමෙහි කිසිදු ප්‍රයෝජනයක් නොමැත. නමුත් තමන්ට අනිවාර්යය දෑ හැර වෙනත් දෑ නොකරන; එය ඉටු කිරීම පමණක් අවැසි යැයි සිතන; මසුරෙකු එමගින් එය බිහි කරනු ඇත. පසුව මූලික නැමදුම්වල පදනමින් ඉවත්ව එය බරක් කර ගනිමින් පිළිකුල් සහගත දෑ ඔහු ගෙන එනු ඇත. එය (එම පදනම) දැහැමි චේතනාව හා අල්ලාහ් අබියස ඇති දෑ අපේක්ෂා කිරීමය.