ප්‍රවර්ගය:
عَنْ عَبْدِ اللَّهِ بنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُما:

أَنَّ امْرَأَةً وُجِدَتْ فِي بَعْضِ مَغَازِي النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَقْتُولَةً، فَأَنْكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَتْلَ النِّسَاءِ وَالصِّبْيَانِ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දියත් කළ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබීම දකින්නට ලැබිණ. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කාන්තාවන් හා දරුවන් ඝාතනය කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හෙළා දැක තිබීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන් ඝාතනය කිරීම තහනම් බවයි. එම අර්ථයෙන් පැමිණ ඇති ඇතැම් හදීස්හි කාන්තාවන් ඝාතනය කිරීමේ තහනමට හේතුව එය අවධාරණය කරමින් එතුමා පවසා ඇත්තේ: (ඇය සටන් කිරීම සඳහා නොවීය.) යන්නෙනි. ඔවුන් අතර බහුතරයක් දෙනා යුද වදින කාන්තාවන් නොවෙති. ඔවුන් අතරින් යම් නපුරක් හෝ වීරත්වයක් තිබූණ ද නීතිය බැඳෙනුයේ බහුතරය මතය. ඒ අනුව කවර කාන්තාවක් හෝ සටන් වදින්නේ නම් ඝාතනය කරනු ලැබිය යුතු වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

ප්‍රවර්ග
අමතර