«يَا مَعْشَرَ النِّسَاءِ، تَصَدَّقْنَ، فَإِنِّي أُرِيتُكُنَّ أَكْثَرَ أَهْلِ النَّارِ» فَقُلْنَ: وَبِمَ يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «تُكْثِرْنَ اللَّعْنَ، وَتَكْفُرْنَ العَشِيرَ، مَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَذْهَبَ لِلُبِّ الرَّجُلِ الحَازِمِ مِنْ إِحْدَاكُنَّ»، قُلْنَ: وَمَا نُقْصَانُ دِينِنَا وَعَقْلِنَا يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «أَلَيْسَ شَهَادَةُ المَرْأَةِ مِثْلَ نِصْفِ شَهَادَةِ الرَّجُلِ» قُلْنَ: بَلَى، قَالَ: «فَذَلِكِ مِنْ نُقْصَانِ عَقْلِهَا، أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ وَلَمْ تَصُمْ» قُلْنَ: بَلَى، قَالَ: «فَذَلِكِ مِنْ نُقْصَانِ دِينِهَا».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 304]
المزيــد ...
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හජ් අවුරුදු හෝ නෝම්බි අවුරුදු දිනක සලාත් ඉටු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එතුමා කාන්තාවන් අසළින් ගමන් ගත්තේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
“අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 304]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්සව දිනයේ සලාත් ඉටු කරන ස්ථානයට පිටත්ව ගියහ. එතුමාණෝ කාන්තාවන් හට වෙනමම දේශනාවක් කරන බවට පොරොන්දු දී තිබුණි. ඒ අනුව එදින එතුමාණෝ එය ඉටු කරමින් මෙසේ පැවසූහ: අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වන්න. ඒ දෙක පාපයන් මැකී යාමට වඩාත් බලවත් කරුණු දෙකකි. සැබැවින්ම අල් ඉස්රා ගමනෙහි අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දැක්කෙමි.
එවිට ඔවුන් අතරින් බුද්ධිමත් අභිමානවත් හා දැක්මක් ඇති කාන්තාවක්, 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපා ගින්නේ බහුතරයක් අප වීමට හේතු වූයේ කුමක් දැ?' යි විමසා සිටියාය.
එතුමාණෝ ඊට හේතු වූ කරුණු මෙසේ පවසා සිටියහ. "නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය; දොස් නගන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය." පසුව ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විස්තර කළහ. "බුද්ධියෙන් හා ආගමෙන් හීන වූ ඔබ අතරින් නුවණැති, බුද්ධිමත්, අභිමානවත් පුරුෂයකු අබිබවා යා හැකි කිසිවකු මා දැක නැත."
ඇය, "අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියාය.
එතුමාණෝ මෙසේ පැවසූහ: "බුද්ධියේ හීන භාවය යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියකුගේ සාක්ෂියට සමාන වීමය. එය බුද්ධියේ හීනභාවයයි. දහමෙන් හීන වනුයේ ඔසප් භාවය හේතුවෙන් දින ගණනාවක් සලාත් ඉටු නොකර රමළාන් මාසයේ උපවාසයේ නිරත නොවී සිටින බැවින් එහි දී දැහැමි ක්‍රියාවන්හි සිදුවන අඩුපාඩුවයි. එය ආගමෙන් සිදුවන හීනභාවයයි. නමුත් ඒ සඳහා ඔවුන් දොස් නගනු ලබන්නේ නැත. පාපයට හසු කරනු ලබන්නේ නැත. එය ඇගේ මැවීමේ මුල් ස්වභාවය වන බැවිනි. එමෙන්ම මිනිසා නිර්මාණය කර ඇත්තේ, ඔහුව මවා ඇත්තේ ධනයට ඇලුම් කරන, තම කටයුතුවලදී ඉක්මන්සුළු, අනුවනකම හා වෙනත් අඩුපාඩු සමගය. නමුත් ඔහු එමගින් අර්බුධයට ලක්වීමෙන් පරිස්සම් විය යුතුය."
قال ابن حجر في قوله: "e;ما رأيت من ناقصات... إلخ"e; ويظهر لي أن ذلك من جملة أسباب كونهن أكثر أهل النار؛ لأنهن إذا كُنّ سببًا لإذهاب عقل الرجل الحازم حتى يفعل أو يقول ما لا ينبغي فقد شَارَكْنَه في الإثم وزِدْن عليه.قوله ﷺ الله عليه وسلم:" أذهب للب الرجل الحازم منكن" أليس هذا مدح لمعشر النساء؟ لأن باستطاعتها ذهاب عقل الرجل الحازم.