عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ قَالَ: مَنْ عَادَى لِي وَلِيًّا فَقَدْ آذَنْتُهُ بِالحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهُ، فَإِذَا أَحْبَبْتُهُ: كُنْتُ سَمْعَهُ الَّذِي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذِي يُبْصِرُ بِهِ، وَيَدَهُ الَّتِي يَبْطِشُ بِهَا، وَرِجْلَهُ الَّتِي يَمْشِي بِهَا، وَإِنْ سَأَلَنِي لَأُعْطِيَنَّهُ، وَلَئِنِ اسْتَعَاذَنِي لَأُعِيذَنَّهُ، وَمَا تَرَدَّدْتُ عَنْ شَيْءٍ أَنَا فَاعِلُهُ تَرَدُّدِي عَنْ نَفْسِ المُؤْمِنِ، يَكْرَهُ المَوْتَ وَأَنَا أَكْرَهُ مَسَاءَتَهُ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: ‘යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. ඒ අනුව මම ඔහුට ප්රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්රවණයත්, ඔහු දකින ඔහුගේ දර්ශනයත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම් මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් සරණ පතන්නේ නම් මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා මම ඔහුට හානි ඇති වීම ගැන පිළිකුල් කරන බැවිණි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය: එනම් "c2">“යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කරමි.” යන ප්රකාශයෙන් අදහස් කරන්නේ මා සතු සමීපතයෙකුට -ඔහු වනාහි දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන ඔහුව විශ්වාස කරන ඔහුගේ පිළිවෙත අනුගමනය කරන්නාට- හිංසා පමුණුවන්නේ ද ඔහුව මාගේ සතුරා බවට පත් කර ගනිමි. මාගේ සමීපතයින්ට සතුරු වීම තුළින් මා සමග ඔහු සටන් කිරීමට පෙළඹුණු බැවින් සැබැවින්ම මම ඔහුට යුද ප්රකාශ කරමි. "c2">“මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි.” තම සමීපතයින්ට සතුරුවීම ඔහු සමග සටන් කිරීමක් යැයි අල්ලාහ් මෙනෙහි කළ පසුව ඔවුන් සමග සතුරුවීමට තහනම් වන ඔවුන් සමග කිට්ටුවෙන් කටයුතු කිරීමට අනිවාර්යය වන තම සමීපතයින්ගේ විස්තර මෙසේ මෙනෙහි කළේය. එමෙන්ම ඔවුන් ඔහු වෙත කවර කරුණකින් සමීප වන්නේ දැයි ද මෙනෙහි කළේය. ‘විලායා’ නොහොත් මිත්රත්වයේ මූලය සමීප වීමයි. ‘අදාවත්’ නොහොත් සතුරුකමේ මූලය දුරස් වීමයි. අල්ලාහ්ගේ මිතුරන් වනාහි, තමන්ව ඔහු වෙත සමීප කරවන කටයුතු හරහා ඔහු වෙත සමීප වන්නට බලන්නෝ වෙති. ඔහුගේ සතුරන් වනාහි ඔවුන්ව ඔහුගෙන් දුරස් කරවන ඔවුන්ව නෙරපා හරින්නට නියම කරවන ඔවුන්ගේ ක්රියාවන් තුළින් ඔවුහු ඔහුගෙන් දුරස් වන්නෝ වෙති. අල්ලාහ්ට වඩාත් සමීපතම මිතුරන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත. ඒ දෙකින් පළමුවැන්න: අනිවාර්යය කටයුතු ඉටු කිරීම තුළින් ඔහු වෙත සමීප වන්නෝය. එහි සියලුම අනිවාර්යය ක්රියාවන් ඇතුළත් වන අතරම තහනම් දැයින් වැළකී සිටීම ද ඇතුළත් වේ. හේතුව ඒ සියල්ලම අල්ලාහ් තම ගැත්තන් හට නියම කළ අනිවාර්යය කටයුතු අතරින් වන බැවිණි. දෙවැන්න: අනිවාර්යය කටයුතුවලින් පසුව අතිරේක ක්රියාවන් තුළින් ඔහු වෙත සමීප වන්නට බලන්නෝ වෙති. ගැත්තා නවාෆිල් හෙවත් අතිරේක කටයුතු වලින් සමීප වෙමින්ම සිටින විට එය අල්ලාහ් ඔහුව වඩාත් ප්රිය කරන තරමට පත් කරන්නේය. "c2">“ඒ අනුව මම ඔහුට ප්රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්රවණයත්, ඔහු දකින ඔහුගේ දර්ශනයත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි.” යැයි ඔහු ප්රකාශ කර ඇත. මෙම ප්රකාශයේ අදහස: කවරෙකු අනිවාර්යය කටයුතු තුළින් අල්ලාහ් වෙත සමීප වන්නට පරිශ්රමය යොදා පසුව අතිරේක කටයුතුවලි ද එසේ පරිශ්රමය යොදන්නේ ද අල්ලාහ් ඔහුව තමන් වෙත සමීප කරවා ගනී. මෙම අවයව හතරෙහි ඔහුට උපකාරයක් ලෙස එය පිහිටනු ඇත. සවන් දීමේදී ඔහුගේ සවන් තුළ ඔහු ඔහුට උපකාර කරයි. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ මිස වෙනත් කිසිවකට ඔහු සවන් නොදෙයි. ඔහුගේ බැල්ම ද එලෙසම වන්නේය. අල්ලාහ් ප්රිය කරන දෑ හැර වෙනත් කිසිවක් ඔහු නොබලනු ඇත. තහනම් කරනු ලබන දෙයක් වෙත ඔහුගේ නෙත් යොමු වන්නේ නැත. ඔහුගේ අතද අල්ලාහ් ප්රිය කරන දෑ හැර ඔහුගේ අතින් වෙනත් කිසිවක් සිදුවන්නේ නැත. ඔහුගේ පාදය ද එලෙසම වන්නේය. අල්ලාහ් තෘප්තියට පත් වන කරුණක් වෙත මිස ගමන් කරන්නේ නැත. ඊට හේතුව අල්ලාහ් ඔහුට උදව් කරන බැවිනි. යහපත ඇති දෑ වෙත මිස ඔහුගේ පරිශ්රමය පිහිටන්නේ නැත. "c2">“ඒ අනුව මම ඔහුට ප්රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්රවණයත්, ඔහු දකින ඔහුගේ දර්ශනයත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි.” යන්නෙහි තේරුම එයයි. "c2">“සැබැවින්ම පරමාධිපතියාණන් ගැත්තා තුළ ආරූඪ වී ඇත හෝ ඔහු සමග තනිවී ඇත යැයි පවසන ආරූඪ කරන්නන් හා විසදුම් සොයන්නන්හට මෙහි කිසිදු සාධකයක් නැත. උත්තරීතර අල්ලාහ් එයින් උසස්ය. ඉමහත්ය. සැබැවින්ම එය ප්රතික්ෂේපයකි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉන් ඉවත් වූවෝය. “ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම් මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් සරණ පතන්නේ නම් මම ඔහුට රැකවරණය දෙමි.” යන ප්රකාශයෙන් අදහස් කරන්නේ අල්ලාහ් වෙත සමීප කරවනු ලැබූ ආදරයට පාත්ර වූ තැනැත්තාට අල්ලාහ් අභියස විශේෂ නිලයක් ඇති බවයි. සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් යමක් ඉල්ලා සිටි විට ඔහු ඔහුට පිරිනමනු ඇත. ඔහු යමකින් ආරක්ෂාව පැතූ විට ඔහුව ඉන් මුදවා ගනු ඇත. ඔහු ප්රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු සපයනු ඇත. අල්ලාහ් අබියස ඔහුට හිමි ගෞරවය හේතුවෙන් ප්රාර්ථනාවන්ට පිළිතුරු සපයනු ලබන්නෙක් බවට ඔහු පත් වනු ඇත. "c2">“මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා මම ඔහුට හානි ඇති වීම ගැන පිළිකුල් කරන බැවිණි.” යන ප්රකාශයෙන් අදහස් කරනුයේ නියත වශයෙන්ම උත්තරීතර අල්ලාහ් "c2">“සෑම ආත්මයක්ම මරණයේ සුවය විදිය යුතුයි” යන ඔහුගේ ප්රකාශ අනුව තම ගැත්තාට මරණය නියම කර ඇත. මරණය යනු ශරීරයෙන් ප්රාණය වෙන් වීමකි. එය අතිමහත් වේදනාවකින් මිස සිදු වන්නේ නැත. මෙවන් දුෂ්කරතාවක් සමග මරණය තිබියදී උත්තරීතර අල්ලාහ් පොදුවේ ඔහුගේ ගැත්තන් සියලු දෙනා හටම එය නියම කර ඇත. එය ඔවුනට අවැසි කරුණක් වන්නේය. නමුත් අල්ලාහ් දේව විශ්වාසියාට හිංසා පීඩා ඇති කිරීම පිළිකුල් කරයි. එයට දේව විශ්වාසී තැනැත්තාගේ අයිතියෙහි ‘තරද්දුද්’ හෙවත් පසුබට වීම යනුවෙන් නම් කර ඇත්තේ එබැවිනි. අෂ්-ෂෙයික් ඉබ්නු බාස් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි. ‘තරද්දුද්’ පසුබට වීම යනු අල්ලාහ්ට ගැලපෙන පරිදි පිහිටන ගුණාංගයකි. එහි ක්රමය කෙසේදැයි සුවිශුද්ධයාණන් වන ඔහු හැර වෙනත් කිසිවකු නොදනී. එය අප පසුබට වන්නාක් මෙන් නොවේ. අල්ලාහ් සමග සම්බන්ධ කර ඇති මෙම ‘තරද්දුද්’ මැවීම් හි පවතින තරද්දුද් සමග සැසඳිය නොහැක. එනමුත් උත්තරීතරයාණන්ගේ සෙසු ගුණාංග මෙන් ඔහුට ගැළපෙන අයුරින් එම තරද්දුද්’ පිහිටනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර