ප්‍රවර්ගය:
عَنِ أبي زُهير عُمَارَةَ بْنِ رُؤَيْبَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم:

«لَنْ يَلِجَ النَّارَ أَحَدٌ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا»
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ සුහෙයිර් ඉමාරා ඉබ්නු රුඃබියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත.” ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් අල් බජ්ලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ සිටියෙමු. එතුමා පූර්ණ චන්ද්ර දින සදු දෙස බලා මෙසේ පැවසූහ: "c2">“නුඹලා මෙම සඳු දකිනවාක් මෙන් නුඹලාගේ පරමාධිපතිව නුඹලා මතු දකිනු ඇත. ඔහුව දැකීම ගැන නුඹලා පුදුමයට පත් නොවන්න. හිරු උදාවීමට පෙර හා එය අවරට යෑමට පෙර සලාතය ඉක්මවා නොයන පරිදි ඉටු කිරීමට හැකියාව ඇත්තේ නම් එසේ ඉටු කරනු.” තවත් වාර්තාවක ‘දහ හතරවැනි දින සදු දෙස බලා’ යනුවෙන් වාර්තා වී ඇත.
එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ඉමාරා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයේ අර්ථය වනාහි, කවරෙකු හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාතය ඉටු කරන්නේ ද -මූලික වශයෙන් දඬුවම් විඳීමට හෝ සදාතනික වන අයුරින් හෝ- නිරයට පිවිසෙන්නේම නැත. එනම්: ෆජ්ර් හා අසර් සලාතයන් වේ. එනම් ඒ දෙක අඛණ්ඩව ඉටු කරන තාක් කල් එය නියම වන්නේය. සැබැවින්ම සුබ්හු වේලාව යනු නින්දට වැටෙන හා සැප විඳින අවස්ථාවේ පවතින්නකි. අසර් වේලාව යනු දහවල් කාලයේ වැඩ කටයුතු හා වෙළදාම් කටයුතුවල කාර්යබහුල වී රාත්රියට සූදානම් වන අවස්ථාවෙහි පවතින්නකි. එම වේලාවෙහි මැලිකමින් මිදී නැමදුම් කිරීම සඳහා ප්රියභාවය දැක්වීම මෙහි පෙන්වා දී ඇත. එමෙන්ම පස්වේල සලාත් අතරින් ඉතිරි සලාත් ද පිළිපැදිය යුතු වේ. සැබැවින්ම එම වේලාවන් දෙකෙහි ප්රවේසම් සහගතව ඉටු කරන්නේ නම් ඒ දෙක හැර සෙසු දෑ සුරක්ෂිතව ඉටු කිරීමට එය වඩාත් බලවත් වනු ඇත. එමෙන්ම කුඩා හෝ මහා පාපයන් සිදු නොකර නිදහස්ව සිටිය යුතුය. එසේ මහා පාපයන් සිදු කර ඇත්නම් පශ්චාත්තාප විය යුතුය. අල්ලාහ් සමග බැඳුණු ඔහුගේ කුඩා පාපයන්ට එය ප්රතිකර්මයක් වනු ඇත. එය ඔහු අඛණ්ඩව නියැළීමෙන් ඔහුට හිමිවන කුසල් වශයෙනි. එවිට ඔහු කිසිදා නිරා ගින්නට පිවිසෙන්නේ නැත. මැනවින් දන්නා අල්ලාහ්ය. ජරීර් ඉබ්නු අබ්දුල්ලා අල් බජ්ලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සැබැවින්ම ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග හිඳ ඇත. එවිට එතුමා (දහ හතර වැනි දින) පූර්ණ චන්ද්රයා දෙස බලා මෙසේ පවසා ඇත. නුඹලා මෙම චන්ද්රයා දකිනවාක් මෙන් නුඹලාගේ පරමාධිපතිව සැබැවින්ම නුඹලා මතු දකිනු ඇත.” එනම් දේව විශ්වාසීන් පූර්ණ චන්ද්රයාව දකින්නාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ස්වර්ගයේ අල්ලාහ්ව දකිනු ඇත යන්නයි. සැබැවින්ම අල්ලාහ් කිසිවකට සමාන නොවන බැවින් සැබැවින්ම ඔහු චන්ද්රයා මෙනි යැයි මින් අදහස් වන්නේ නැත. ඔහු ඊට වඩා බලවත්ය. කීර්තිමත්ය. මින් අදහස් කරන තේරුම වනුයේ ඔහුව දැකීමේදී චන්ද්රයා දැකීමේ ක්රියාවලියට සමානය යන්නයි. සැබැවින්ම අපි පූර්ණ චන්ද්රයා දකින්නාක් මෙන් කිසිදු සැකයකින් තොරව සැබෑ ලෙස අපගේ පරමාධිපතිව අපි දකින්නෙමු. සැබැවින්ම ස්වර්ග වාසීන් ඉදිරියේ වඩාත් සුවදායී හා වඩාත් යහපත් වනුයේ අල්ලාහ්ගේ මුහුණ දෙස බැලීමය. ඊට සමාන කිසිවක් නැත. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම අපි පූර්ණ චන්ද්රයා දකින්නාක් මෙන් අපගේ පරමාධිපතිව අපි දකින්නෙමු යැයි මෙනෙහි කළ කල්හි එතුමා හිරු උදාවට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් අබිබවා නොයන පරිදි නුඹලාට සලාත් ඉටු කිරීමට හැකියාව ඇත්නම් නුඹලා එසේ සිදු කරනු. යනුවෙන් පවසා ඇත. එතුමාගේ එම ප්රකාශයෙන් අදහස් කරනුයේ ‘සලාතය ඉක්මවා නොයන පරිදි නුඹලාට හැකියාව ඇත්නම්” එනම් ඒ දෙක අතපසු නොවී පූර්ණව ඉටු කිරීමට හැකියාව ඇත්නම් යන්නයි. ඒ අතරින් එය ඉක්මවා නොයන පරිදි සාමුහික වශයෙන් සලාත් ඉටු කිරීමට නුඹලා හැකියාව දරන්නේ නම්, "c2">“එසේ සිදු කරනු.” මෙහි ෆජ්ර් සලාතය හා අසර් සලාතය ප්රවේසමින් ඉටු කිරීම කීර්තිමත් අල්ලාහ්ගේ මුහුණ දැකීමට හේතුවක් වන බව පෙන්වා දී ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

ප්‍රවර්ග
අමතර