عَنْ عَلِيٍّ رضي الله عنه قَالَ: قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«قُلِ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي، وَاذْكُرْ بِالْهُدَى هِدَايَتَكَ الطَّرِيقَ، وَالسَّدَادِ سَدَادَ السَّهْمِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට පැවසූ බව පවසමින් අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අල්ලාහුම්මහ්දිනී වසද්දිද්නී (අහෝ දෙවියනි, මට මග පෙන්වන්න. මට ආශිර්වාද කරන්න.) යනුවෙන් පවසන්න.” තවත් වාර්තාවක "c2">“අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වස්සදාද” (අහෝ දෙවියනි, මම ඔබෙන් යහමාර්ගය හා ආශිර්වාදය ඉල්ලා සිටිමි.) යනුවෙන් සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ ඉමාම් මුස්ලිම් මෙය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය නබි (සල්ලලලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සංක්ෂිප්ත අනුවාද අතරින් වූවකි. මෙම හදීසයේ වදන් කෙටි වුව ද ප්රයෝජන හා බලපෑම අතිමහත්ය. එමෙන්ම මෙම හදීසය සියලුම යහපත් දෑ ඒකරාශී කර ගත්තකි. මෙමගින් ප්රාර්ථනා කරන මෙන් නබි තුමාණන් අලී තුමාට නියෝග කළේය. එතුමාට "c2">“අල්ලාහුම්මහ්දිනී වසද්දිද්නී” (අහෝ දෙවියනි, මට මග පෙන්වන්න. මට ආශිර්වාද කරන්න.) යනුවෙන් ඔබ පවසන්නයි. එතුමාණෝ පැවසූහ. "c2">“ඉහ්දිනී” (මට මග පෙන්වන්න) යනු යහමග හා මගපෙන්වීම ලැබීමේ අපේක්ෂාවෙන් කරන පැතුමකි. එය පූර්ණ යහමග හා මගපෙන්වීම උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්නාක් මෙනි. "c2">“සද්දිද්නී” (මට ආශිර්වාද රකන්න) යනු, මට භාග්ය ලබා දෙන්න. මාගේ ආගමික මෙන්ම ලෞකික කටයුතුවලදී ද මාගේ සියලුම කටයුතු වලදී ද භාග්යය මට ඇති කරනු මැනව. වැරදි නිවැරදි කිරීම පුරප්පාඩුව පුරවාලීම යන අර්ථය මෙම වචනයේ ඇතුළත් වී ඇත. එබැවින් මෙම ප්රාර්ථනාව කරුණු දෙකක් අතර ඒකාබද්ධ කෙරිණි. (අ) යහමග වෙනුවෙන් ආශිර්වාදය පැතීම. (ආ) යහමග හා මගපෙන්වීම මත අඛණ්ඩව සිටීමටත් නොමග යෑමෙන් හා අපගමනයෙන් ඒ දෙකින් බැහැර නොවීමටත් පැතීම. අල්ලාහ් කවරෙකුට මෙම පැතුම සඳහා ආශිර්වාද කළේ ද ඔහු යහමාර්ගය මත තිරසාරව සිටින්නෙකු, ඒ මාර්ගය මත ගමන් කරන්නෙකු හා මගපෙරළීමෙන් හා මුළාවීමෙන් පැහැදිලිව ඉවත් වන්නෙකු වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර