عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللَّهَ تَجَاوَزَ عَنْ أُمَّتِي مَا حَدَّثَتْ بِهِ أَنْفُسَهَا، مَا لَمْ تَعْمَلْ أَوْ تَتَكَلَّمْ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5269]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මාගේ සමූහයාගේ මනස තුළ හට ගැනෙන දෑ ඔවුන් ඉටු නොකරන තාක්කල් හෝ ඔවුන් කතා නොකරන තාක්කල් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගෙන් ඒවා පහ කරනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5269]
මනස තුළ යම් නපුරක් හට ගත් විටෙක, එය සිදු කිරීමට පෙර හෝ ඒ ගැන කතා කිරීමට පෙර හෝ එය වරදක් ලෙස සළකනු නොලබයි. අල්ලාහ් එම වරද ඉවත් කර එයට සමාව දෙනු ඇත. සිත තුළ යමක් හටගෙන ඒ ගැන ස්ථාවර හා අඛණ්ඩභාවයෙන් තොරව මනස තුළ කුතුහලයන් ඇති වූ විටෙක, එවන් දෑ වරදක් ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයා අතර ගණන් ගනු නො ලැබේ. නමුත් අහංකාරකම, උද්දච්ඡකම, කුහකකම හා දුෂ්ඨකම වැනි යමක් සිත තුළ ස්ථාවරව පවතී නම්, ඒ මත ක්‍රියා කළේ නම් එසේ නැතහොත් මුවින් ප්‍රකාශ කළේ නම්, වරදක් ලෙස පිළි ගනු ලබනුයේ එවිටයි. ඒ් සඳහා ඔහු වගකිව යුතුය.