سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِي وَرَجَوْتَنِي غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِي غَفَرْتُ لَكَ، وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِي بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِي لاَ تُشْرِكُ بِي شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً».
[حسن] - [رواه الترمذي] - [سنن الترمذي: 3540]
المزيــد ...
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [سنن الترمذي - 3540]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය වාක්‍යය සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කළ බව දන්වා සිටියහ. "අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මගෙන් ප්‍රාර්ථනා කර, කිසිදු අවිශ්වාසයකින් තොරව මාගේ ආශිර්වාදය ඔබ බලාපොරොත් වන්නේ නම්, ඔබේ පාපකම් හා වැරදි මහා පාපකම් අතරින් වුව ද මම ඒවා වසන් කරමි. ඒවා ගණන් නොගෙන මකා දමමි. අහෝ ආදම්ගේ දරුව! අහස් හා මහපොළොව අතර ඇති දෑ පිරෙන තරමට ඒවායෙහි පැතිකඩවල විසිරී එම ප්‍රදේශ ආවරණය වන තරමට ඔබ පාපකම් අධික ව සිදු කර පසුව ඔබ මගෙන් ඒ වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටියේ නම් මම ඒවා මකා දමමි. එහි අධිකත්වය කොපමණ තිබුණත් ඒ ගැන නොතකා ඒ සියල්ල සඳහා මම ඔබට සමාව දෙමි.
ආහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මහපොළොව පිරෙන තරමට පාපකම් හා වැරදි කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්වාස කළ තත්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මා වෙත පැමිණියේ නම්, එම පාපකම් හා වැරදි සඳහා මහපොළොව පිරෙන්නට සමාව දානය කරමි. සැබැවින්ම මම සමාව දානය කිරීමෙහි අති මහත්ය. ෂිර්ක් හෙවත් මට ආදේශ තැබීමේ වරදට හැර සෙසු සියලු පාපකම්වලට මම සමාව දෙමි.
الذنوب ثلاثة أنواع: الأول: الشرك بالله؛ وهذا لا يغفره الله، قال الله عز وجل: {إنه من يشرك بالله فقد حرم الله عليه الجنة}، الثاني: ظلم العبد نفسه فيما بينه وبين ربه من ذنوب ومعاصي؛ فإن الله عز وجل يغفر ذلك، ويتجاوز إن شاء، الثالث: ذنوب لا يترك الله منها شيئًا؛ وهي ظلم العباد بعضهم بعضًا، فلا بد من القصاص.لاشيء