«أَلَا أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللهُ بِهِ الْخَطَايَا، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا بَلَى يَا رَسُولَ اللهِ قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ، وَانْتِظَارُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ، فَذَلِكُمُ الرِّبَاطُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 251]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ් එමගින් වැරදි මකා දමන, එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?" ඔවුහු: ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එතුමාණෝ: "අකමැති අසීරු අවස්ථාවක වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වශයෙන් පියවර තැබීම හා සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටීමය. රැකවරණය යනු එයයි.”
පාපකම් සඳහා සමාව දෙනු ලැබීමට හේතුවන, ඒවා සටහන් කෙරුනු ලේඛනයෙන් මකා දමන, ස්වර්ගයේ තරාතිරම් උසස් කරන ක්‍රියාවන් ගැන තමන් ඔවුනට දන්වා සිටීම ඔවුන් ප්‍රිය කරන්නේ දැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් විමසා සිටියහ.
සහාබාවරු: "එසේය අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ මෙසේ පැවසූහ:
පළමුවැන්න: අධික සීතල, ජලය හිඟ වීම, ශරීරයේ වේදනාව, උණුසුම් ජලය වැනි දුෂ්කර අවස්ථාවන්හි වුළූ දෝවනය නිසි අයුරින් සිදු කිරීම හා පරිපූර්ණ කිරීම.
දෙවැන්න: නිවස දුරින් පිහිටි හේතුවෙන් මස්ජිදය වෙත යාමට අධික වශයෙන් පියවර තැබීම. නැවත නැවතත් එසේ අධික වාරයක් පියනැගීම.
තුන්වැන්න: නියමිත වේලාව එනතුරු සලාතය අපේක්ෂාවෙන් සිටීම, හදවත ඒ සමඟ සම්බන්ධ කිරීම, ඒ සඳහා සූදානම් වීම, සාමුහික සලාතය බලාපොරොත්තුවෙන් මස්ජිදයේ වාඩි වී සිටීම එමෙන්ම ඔහු සලාතය ඉටු කළ විට ඔහු එය එය ඉටු කළ ස්ථානයේ ම අනෙක් සලාතය ද අපේක්ෂාවෙන් සිටීම ය.
සැබැවින්ම මෙම කරුණු රැකවරණයක් බව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හේතුව ආත්මය අවහිර කරමින් තිබෙන ෂෙයිතාන්ගේ මාර්ගයට එය බාධකයක් වන බැවිනි. ආශාවන් මැඩපවත්වන බැවිනි. කුකුස් පිළිගැනීමෙන් එය ආත්මය වළක්වන බැවිනි. එවිට එමගින් අල්ලාහ්ගේ සේනාව ෂෙයිතාන්ගේ සේනාවන් අබිබවා යනු ඇත. එය අති මහත් අරගලයකි. තවද එය සතුරාට එරෙහිව ලබා දෙන රැකවරණයක් වැනිය.
كررت كلمة "e;الرباط"e; وعرفت ب(ال) التعريف؛ ذلك تعظيمٌ لشأن هذه الأعمال.تعليق الوعلان: قوله: فذلكم الرباط كررها في بعض الروايات كما في صحيح مسلم، وكما في بعض السنن، في بعض الروايات كررها مرتين، وفي بعضها ثلاثاً، وهنا ذكرها واحدة، والتكرار لا شك أنه يفيد التأكيد. فيحتاج التأكد من مسؤول الحديث، فإن ذكرها مكررة فتبقى الفائدة، وإلا تحذف