عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ رَضيَ اللهُ عنها:
أَنَّهَا أَتَتْ بِابْنٍ لَهَا صَغِيرٍ لَمْ يَأْكُلِ الطَّعَامَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَجْلَسَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجْرِهِ، فَبَالَ عَلَى ثَوْبِهِ، فَدَعَا بِمَاءٍ، فَنَضَحَهُ وَلَمْ يَغْسِلْهُ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 223]
المزيــد ...
උම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
"සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 223]
උම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය ළදරු වියේ පසු වූ ආහාර ගැනීමට එතෙක් ආරම්භ නො කළ තම කුඩා දරුවා සමග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ ඔහුව වාඩි කරවීය. එවිට එම ළදරුවා එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. නමුත් එතුමාණන් එය සෝදා හැරියේ නැත."