عَن أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:

سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللهِ، إِنَّا نَرْكَبُ البَحْرَ، وَنَحْمِلُ مَعَنَا القَلِيلَ مِنَ الْمَاءِ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطِشْنَا، أَفَنَتَوَضَّأُ مِنَ الْبَحْرِ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هُوَ الطَّهُورُ مَاؤُهُ، الحِلُّ مَيْتَتُهُ».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වල්ලම් තුමාගෙන් මෙසේ විමසීය. "c2">“අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි සාගරයේ ගමන් කරන්නෙමු. අප සමග අප උසුලාගෙන යන ජලය සුළු ප්රමාණයකි. එහෙයින් අප එයින් වුළූ ගත් විට අපි පිපාසයෙන් පෙළෙන්නෙමු. එබැවින් සාගර ජලයෙන් අප වුළූ ගත හැකි ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සාගර ජලයේ පිරිසිදුකම හා එයින් පිරිසිදු කර ගැනීමේ අනුමැතියත් මත්සයින් හා එවන් වෙනත් සතුන් මෙන් එහි මිය ගිය දෑ අනුභව කිරීමේ අනුමැතියත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙහිදී පැහැදිලි කර සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ