بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلاَةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَالسَّمْعِ وَالطَّاعَةِ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ. المزيد
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දැරීමට ද, සලාතය ඉටු කිරීමට ද, සකාත් නිකුත් කිරීමට ද, සවන් දී අවනත වීමට ද, සෑම මුස්ලිම්වරයකුටම උපදෙස් දීමට ද මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්‍රතිඥා දුනිමි.”