عن أبي أيوب الانصاري رضي الله عنه مرفوعاً: "إذا أَتَيتُم الغَائِط، فَلاَ تَستَقبِلُوا القِبلَة بِغَائِط ولا بَول، ولا تَسْتَدْبِرُوهَا، ولكن شَرِّقُوا أو غَرِّبُوا". قال أبو أيوب: «فَقَدِمنَا الشَّام، فَوَجَدنَا مَرَاحِيض قد بُنِيَت نَحوَ الكَّعبَة، فَنَنحَرِف عَنها، ونَستَغفِر الله عز وجل» .
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ අය්යූබ් අල්-අන්සාරි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ මලපහ කිරීමට පැමිණෙන්නේ නම්, මලපහ කරන විට දී හෝ මූත්රා කරන විට දී හෝ කිබ්ලා දිසාවට මුහුණ නොපානු. තවද එයට පසුපස නොපානු. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හැරෙනු.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: "c2">“අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු. එයින් අප හැරී අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ශාරීරික අවශ්යතා සපුරා ගන්නා විනය පිළිබඳ මඟ පෙන්වූහ. එනම්, තමන් ශාරීරික අවශ්යතා සපුරා ගන්නා තත්ත්වයේ කිබ්ලා දෙසට එනම් කඃබාව පිහිටි දිශාවට මුහුණලෑම හෝ පසුපස ලෑම නුසුදුසුය යන්නයි. හේතුව එය සලාතයේ දිශාවයි. ගරු කොට සැළකිය යුතු ස්ථානයයි. එය නැගෙනහිරෙන් පිහිටියද බටහිරින් පිහිටියද ඒ වෙත හැරීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගේ සත්යය නියෝග එසැණින් පිළිගත් සහාභාවරුන් සිටින කල්හි ඔවුන් ජයග්රහණයේ සළකුණක් වශයෙන් සිරියාවට පැමිණි විට, ශාරීරික අවශ්යතා ඉටු කර ගැනීම සඳහා වූ ඉදි කරන ලද විවිධ වැසිකිළි දුටුහ. ඒවා කඃබාවට මුහුණලා ඉදි කෙරී තිබිණ. පසුව ඔවුහු කිබ්ලා දෙසින් හැරුණු අතර වඩාත් තැන්පත් හා ප්රවේසම සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි තායිලන්ත ආසාමි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර