مَرَّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ، فَقَالَ: «إِنَّهُمَا لَيُعَذَّبَانِ، وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ، أَمَّا أَحَدُهُمَا فَكَانَ لاَ يَسْتَتِرُ مِنَ البَوْلِ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ» ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً، فَشَقَّهَا نِصْفَيْنِ، فَغَرَزَ فِي كُلِّ قَبْرٍ وَاحِدَةً، قَالُوا: يَا رَسُولَ اللَّهِ، لِمَ فَعَلْتَ هَذَا؟ قَالَ: «لَعَلَّهُ يُخَفِّفُ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 218]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් ප්රකාශ කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම මෙම මිනීවලවල් දෙක තුළ සිටින දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ ඔබ සිතන පරිදි මහා පාපයක් නිසාවෙන් නොවේ. නමුත් එය අල්ලාහ් ඉදිරියේ මහත් පාපයක් වේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ශාරීරික අවශ්‍යතා නිමා කළ පසු තම ශරීරයේ හා තම වස්ත්‍රයේ මූත්‍රා තැවරීම ගැන සැලකිලිමත් නොවූ තැනැත්තකි. අනෙක් තැනැත්තා මිනිසුන් අතර කේළාම් කියමින් සැරිසරන තැනැත්තාය. එනම් ජනයා අතර ගැටලු ඇති කිරීම, වැරදි අදහස් පතුරුවාලීම, හා හිංසා පීඩා ඇති කිරීමේ අරමුණින් වෙනත් අයකු පිළිබඳ තොරතුරු තවත් කෙනෙකු සමග කතා කිරීම වැනි දෑ කළ පුද්ගලයාය.