كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 373]
المزيــد ...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”
උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑනියන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැනුම් දෙයි.