+ -

عن عائشة رضي الله عنها قالت:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 373]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 373]

විවරණය

උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑනියන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැනුම් දෙයි.

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා සුළු කිලිටි හා මහා කිලිටිවලින් පිරිසිදුව සිටිය යුතුයි යන කොන්දේසියක් නියම වන්නේ නැත.
  2. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අඛණ්ඩව බැඳී සිටියහ.
  3. වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කර ගැනීම වැනි දික්ර් කිරීමෙන් වැළකී සිටිය යුතු අවස්ථාවන්හි හැර, සෙසු සියලුම අවස්ථාවන්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිමින් උත්තරීතර අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා දිරි ගැන්වීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර