عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«اللهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي هُوَ عِصْمَةُ أَمْرِي، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِي، وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِي، وَاجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ، وَاجْعَلِ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්රාර්ථනා කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය, අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිරතී, අල්ලතී ඉලයිහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී මින් කුල්ලි කයිරින්. වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.” තේරුම: (අහෝ දෙවිඳුනි! මාගේ කටයුත්තකට ආරක්ෂාවක් වන මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව! මා ජීවත් වන මාගේ මෙලොව ද විධිමත් කර දෙනු මැනව! මම නැවත හැරී යන මාගේ මතුලොව ද මට විධිමත් කර දෙනු මැනව! සෑම යහපත් කටයුත්තකීදම වර්ධනයක් කරන්නක් බවට ජීවිතය සකසා දෙනු මැනව! සෑම නපුරකින් මට සැනසුම ලබා දෙන්නක් බවට මරණය සකසා දෙනු මැනව!)
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රාර්ථනා කරමින් සිටි ප්රාර්ථනා අතරින් මෙම ප්රාර්ථනාව ද එකකි. මෙහි මෙලොව මෙන්ම මතුලොව යන දෙලොවෙහි යහපත පැතීමත් ඉල්ලීමත් ඇතුළත් වී ඇත. එමෙන්ම මරණය නියම කිරීමේදී ද එය පහළ වීමේදී ද මෙලොව ඇතිවන හානියෙන් හා කබ්ර්හි ඇතිවන හානියෙන් පොදුවේ මරණයට පෙර හා පසු ඇතිවන සියලු හානියන්ගෙන් ආරක්ෂාව ලබා සැනසුමක් බවට එය පත් කරන මෙන් ද තමන්ට ප්රිය කරන දෑහි තම ආයු කාලය වැය කරන මෙන් ද ඔහු පිළිකුල් කරන ප්රිය නොකරන දැයින් ආරක්ෂා කරන මෙන් ද මෙම ප්රාර්ථනාවේ ඇතුළත් ව ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර