إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ عَلَيْنَا، فَقُلْنَا: يَا رَسُولَ اللَّهِ، قَدْ عَلِمْنَا كَيْفَ نُسَلِّمُ عَلَيْكَ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ؟ قَالَ: «فَقُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ». المزيد
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබූ ලයිලා විසින් වාර්තා කරන ලදී. "කඃබ් ඉබ්නු උජ්රා තුමා මා මුණ ගැසී මම ඔබට ත්‍යාගයක්
වශයෙන් යමක් පවසන්න ද?" යැයි විමසා සිටියේය.
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ.