عَنْ عَبْدَ اللهِ بْنِ عَمْرٍو رَضيَ اللهُ عَنْهُمَا يَقُولُ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ لَقِيَ اللهَ لَا يُشْرِكُ بِهِ شَيْئًا لَمْ تَضُرَّهُ مَعَهُ خَطِيئَةٌ، وَمَنْ مَاتَ وَهُوَ يُشْرِكُ بِهِ لَمْ يَنْفَعْهُ مَعَهُ حَسَنَةٌ».
[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 6586]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, කිසිදු වරදක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත. තවද, ඔහුට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත."
[صحيح] - [رواه أحمد] - [مسند أحمد - 6586]
කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කර ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, ඔහුට අපා ගින්නේ ඔහුගේ පාපයක් හේතුවෙන් දඬුවම් දෙනු ලැබුව ද ඔහු ස්වර් ගවාසීන් අතරින් කෙනෙකු වේ. එමෙන්ම, කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුගේ එම ෂිර් ක් (සමාන කිරීම) හේතුවෙන් ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත. ඔහුට ස්වර් ගය තහනම් වේ.