عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ الثَّقَفِيِّ رضي الله عنه أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعًا يَجِدُهُ فِي جَسَدِهِ مُنْذُ أَسْلَمَ فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«ضَعْ يَدَكَ عَلَى الَّذِي تَأَلَّمَ مِنْ جَسَدِكَ، وَقُلْ بِاسْمِ اللهِ ثَلَاثًا، وَقُلْ سَبْعَ مَرَّاتٍ أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ අබ්දුල්ලාහ් උස්මාන් ඉබ්නු අබිල් ආස් -රළියල්ලාහු අන්හු- තුමා තම ශරීරයේ ඇති වූ වේදනාවක් ගැන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත පැමිණිලි කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔහු දෙස බලා, “ඔබේ ශරීරයේ වේදනාව දැනෙන ස්ථානයේ ඔබේ අත තබන්න. තවද බිස්මිල්ලා තුන්වරක් පවසා අඌදු බිඉස්සතිල්ලාහි වකුද්රතිහි මින් ෂර්රි මා අජිදු වඋහාදිරු යැයි පවසන්න“ යනුවෙන් පැවසුහ. (ප්රාර්ථනාවේ තේරුම: අල්ලාහ්ගේ ශක්තිය හා බලයෙන් මා මුහුණ දෙන සියලු උවදුරු හා බලපෑම්වලින් ආරක්ෂාව පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මාලික් එය වාර්තා කර අැත.

විවරණය

උස්මාන් ඉබ්නු අබිල් ආස් විසින් වාර්තා කළ හදීසය වනාහි, එතුමාගේ ශරීරයේ හටගත් රෝගයක් පිළිබඳ එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට පැමිණිලි කළේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පහත ප්රාර්ථනාව පවසන්නැයි එතුමාට නියෝග කළහ. එනම්, බිස්මිල්ලාහ් යැයි තුන්වරක් පවසා වේදනාව ඇති ස්ථානයේ තම අත තබා පසුව අඌදු බිඉස්සතිල්ලාහි වකුද්රතිහි මින් ෂර්රි මා අජිදු වඋහාදිරු යැයි පවසන්නැයි ප්රකාශ කළහ. එතුමා එය හත් වතාවක් පවසා සිටියේය. මෙයද සුවය ලැබීමට ඇති ක්රරම අතරින් එකකි. මිනිසාට වේදනාවක් ඇති වූ විට එම වේදනාව ඇති ස්ථානයේ තම අත තබා බිස්මිල්ලාහ් යැයි තුන්වරක් පවසා, අඌදු බිඉස්සතිල්ලාහි වකුද්රතිහි මින් ෂර්රි මා අජිදු වඋහාදිරු යැයි පැවසීම අවශ්ය කරුණකි. ස්ථීර ලෙස එය විශ්වාස කරන්නකු ලෙසින් පවසන්නේ නම් ඔහු එමගින් සෙත ලබනු ඇත. වේදනාව ඇතිවනුයේ උත්තරීතර අල්ලාහ්ගේ අනුමැතියෙනි. පෙති, පැණි හෝ එන්නත් ලබා ගන්නාක් මෙන්ම මෙයද ප්රතිකාරයකි. අහස් හි පාලනය තමන් අතෙහි ඇත්තා වූ ද රෝගය ඇති කළා වූ ද එමෙන්ම ඔබ අසළින්ම සිටින්නා වූ ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමකි. වේදනාව ඇති ස්ථානයේ අත තබන්නැයි එතුමාණන් නියෝග කර ඇත්තේ රෝගියා මත ප්රතිකාර කරන්නාගේ අත තබා එමගින් පිරිමැදීම තුළින් සුවය හිමි වනු ඇතැයි පෙන්වා දීම හා ඉගැන්වීම පිණිස වූ නියෝගයකි. ඒ වෙනුවට යකඩයක් හෝ ලුණු හෝ වෙනත් ද්රව්යයක ආධාරයෙන් එසේ අතුල්ලා ප්රතිකාර කිරීම සුදුසු නැත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හෝ එතුමාගේ මිතුරන් හෝ එසේ සිදුකොට නොමැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර