عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمَ خَيْبَرَ:

«لَأُعْطِيَنَّ هَذِهِ الرَّايَةَ رَجُلًا يُحِبُّ اللهَ وَرَسُولَهُ، يَفْتَحُ اللهُ عَلَى يَدَيْهِ» قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ: مَا أَحْبَبْتُ الْإِمَارَةَ إِلَّا يَوْمَئِذٍ، قَالَ فَتَسَاوَرْتُ لَهَا رَجَاءَ أَنْ أُدْعَى لَهَا، قَالَ فَدَعَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ، فَأَعْطَاهُ إِيَّاهَا، وَقَالَ: «امْشِ، وَلَا تَلْتَفِتْ، حَتَّى يَفْتَحَ اللهُ عَلَيْكَ» قَالَ فَسَارَ عَلِيٌّ شَيْئًا ثُمَّ وَقَفَ وَلَمْ يَلْتَفِتْ، فَصَرَخَ: يَا رَسُولَ اللهِ، عَلَى مَاذَا أُقَاتِلُ النَّاسَ؟ قَالَ: «قَاتِلْهُمْ حَتَّى يَشْهَدُوا أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، فَإِذَا فَعَلُوا ذَلِكَ فَقَدْ مَنَعُوا مِنْكَ دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ، إِلَّا بِحَقِّهَا وَحِسَابُهُمْ عَلَى اللهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කයිබර් දිනයේ මෙසේ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්රකාශ කරන ලදී. "c2">“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්රහණය ඇති කරයි.” යනුවෙන් පැවසූහ. උමර් තුමා: එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්රිය නොකළෙමි. එබැවින් ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිටියෙමි. යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් කැඳවා එය ඔහුට පිරිනමා "c2">“ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්රහණය පිරිනමන තෙක් නොහැරෙනු” යැයි පැවසූහ. අලී ඉදිරියට ගමන් කොට හැරී නොබලාම නැවතී ‘අල්ලාහ්ගේ දූතයාණනි, මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහාද? යැයි හඬ නගා විමසීය. එතුමා "c2">“සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවට ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ඉටු කළේ නම් ඔවුන් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ ධනය ඔබගෙන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි අයිතියක් හේතුවෙන් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

කයිබර් දිනයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් කයිබර්හි ඇතැම් බලකොටුවල ජයග්රහණය පිරිනමනු ඇත යනුවෙන් පැවසූහ. උමර් තුමා: එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්රිය නොකළෙමි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පවසා සිටි දෑ හිමි කර ගැනීමේ ආශාව හේතුවෙනි. ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි දිගු වේලාවක් අපේක්ෂාවෙන් සිටියෙමි. යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් අමතා එය ඔහුට පිරිනමා "c2">“ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්රහණය පිරිනමන තෙක් නොහැරෙනු. එසේ හැරීම පූර්ණ අවධානයෙන් ඔබව වෙනතකට යොමු නොකරනු පිණිසය.” යැයි පැවසූහ. එවිට ඔහු මද දුරක් ගමන් කොට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ තහනමට පිටු නොපා එතුමා කියූ පරිදි හැරී නොබලාම නැවතී උස් හඬින් මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහාද? යැයි දූතයාණන්ගෙන් විමසා සිටියේය. එතුමා “සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ප්රකාශ කළේ නම් ඔවුන් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ ධනය ඔබගෙන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි අයිතියක් හේතුවෙන් මිස. ජීවිතයක් ඝාතනය කිරීම වැනි මරණ දඬුවමක් හේතුවෙන් ග්රහණය කරනු ඇත. තවද ඔවුන් අතර හා උත්තරීතර අල්ලාහ් අතර පවතින දෑ වූ කලී, ඔවුන් සත්යය පවසා විශ්වාස කළේ නම් එය මෙලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වූවාක් මෙන් ඔවුනට මතුලොවෙහි ප්රයෝජනවත් වනු ඇත. දඬුවෙමින් මිදෙනු ඇත. එසේ නොමැති නම් ඔවුනට ඵලක් වන්නේ නැත. නමුත් ඔවුන් නිරා වාසීන් අතර කුහකයින් බවට පත්වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර