عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«صَلَاةُ الرَّجُلِ فِي جَمَاعَةٍ تَزِيدُ عَلَى صَلَاتِهِ فِي بَيْتِهِ وَصَلَاتِهِ فِي سُوقِهِ بِضْعًا وَعِشْرِينَ دَرَجَةً، وَذَلِكَ أَنَّ أَحَدَهُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ، ثُمَّ أَتَى الْمَسْجِدَ لَا يَنْهَزُهُ إِلَّا الصَّلَاةُ، لَا يُرِيدُ إِلَّا الصَّلَاةَ، فَلَمْ يَخْطُ خَطْوَةً إِلَّا رُفِعَ لَهُ بِهَا دَرَجَةٌ، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ، فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي الصَّلَاةِ مَا كَانَتِ الصَّلَاةُ هِيَ تَحْبِسُهُ، وَالْمَلَائِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مَجْلِسِهِ الَّذِي صَلَّى فِيهِ، يَقُولُونَ: اللهُمَّ ارْحَمْهُ، اللهُمَّ اغْفِرْ لَهُ، اللهُمَّ تُبْ عَلَيْهِ، مَا لَمْ يُؤْذِ فِيهِ، مَا لَمْ يُحْدِثْ فِيهِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසිපස් ගුණයකින් අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර්වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් (යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්රාර්ථනා කරමින් සිටියි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මිනිසා මස්ජිදයේ සාමුහිකව සලාත් ඉටු කරන විට එම සලාතය ඔහුගේ නිවසේ හෝ ඔහුගේ වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයකින් වැඩිය. සැබැවින්ම සාමුහිකව සලාතය ඉටු කිරීම යනු අල්ලාහ් අනිවාර්යය කළ සාමුහික සලාතය ක්රියාවට නැංවීමකි. පසුව ඒ සඳහා කරුණු මෙනෙහි කළේය. සැබැවින්ම මිනිසෙකු තම නිවසේ වුළූ ගත් විට එම වුළූ ධෝවනය සම්පූර්ණව ඉටු කොට පසුව තම නිවසින් මස්ජිදය වෙත පිටව යයි. සලාතය මිස වෙනත් කිසිවක් ඔහුව බැහැර කළේ නැත. ඔහු තබන සෑම පියවරකින්ම අල්ලාහ් නිලයක් උසස් කරන අතර පාපයක් එමගින් මකා දමනු ඇත. එය ඔහුගේ ස්ථානයට මස්ජිදය වඩාත් සමීපව පිහිටියත් දුරින් පිහිටියත් සමානය. මෙය මහත් භාග්යය මස්ජිදයට පිවිසෙන තෙක්ය. පසුව මස්ජිදයට පිවිසුනු විට ඔහුට නියම වූ සලාතය ඉටු කරයි. පසුව අනිවාර්යය සලාතය සඳහා බලාපොරොත්තුවෙන් වාඩි වී සිටී. ඔහු සලාතය බලාපොරොත්තුවෙන් සිටින තාක්කල් ඔහු සලාතයේ ම පසු වන්නේය. මෙය තවත් අතිමහත් ආශිර්වාදයකි. තහිය්යතුල් මස්ජිද් සලාතය ඉටු කිරීමෙන් පසුව සලාත් ඉටු නොකර සිටිය ද අනිවාර්යය සලාතය සඳහා දිගු වේලාවක් බලාපොරොත්තුවෙන් රැඳී සිටියේ නම් අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුට සලාතයේ ප්රතිඵල සටහන් කරනු ඇත. ඔහු සලාත් ඉටු කළ ස්ථානයේ රැඳී සිටින තාක් කල් මලක්වරු ප්රාර්ථනා කරති. අහෝ අල්ලාහ්, ඔහුට ආශිර්වාද කරනු මැනව! අහෝ අල්ලාහ්, ඔහුට සමාව දෙනු මැනව! අහෝ අල්ලාහ්, ඔහුට කරුණා කරනු මැනව! අහෝ අල්ලාහ්, ඔහුගේ පාපක්ෂමාව පිළිගනු මැනව!” මෙයද මෙම චේතනාවෙන් හා ක්රියාවෙන් යුතුව සහභාගී වන අයට මහත් භාග්යයකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

بِضعا:
البضع: من الثلاثة إلى العشرة.
අමතර