عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ:

حَفِظْتُ مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ رَكَعَاتٍ: رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ، وَرَكْعَتَيْنِ بَعْدَهَا، وَرَكْعَتَيْنِ بَعْدَ المَغْرِبِ فِي بَيْتِهِ، وَرَكْعَتَيْنِ بَعْدَ العِشَاءِ فِي بَيْتِهِ، وَرَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الصُّبْحِ، وَكَانَتْ سَاعَةً لاَ يُدْخَلُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا، حَدَّثَتْنِي حَفْصَةُ أَنَّهُ كَانَ إِذَا أَذَّنَ المُؤَذِّنُ وَطَلَعَ الفَجْرُ صَلَّى رَكْعَتَيْنِ، وَفِي لَفْظٍ: أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ رَكْعَتَيْنِ.
[صحيح] - [متفق عليه بجميع رواياته]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද ජුමුආ සලාතයට පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද අල්ලාහ්ගේ දූතයාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි.” තවත් ප්රකාශයක: "c2">“මග්රිබ්, ඉෂා හා ජුමුආ(හි අමතර සලාතයන්) වනාහි, තම නිවසෙහි ඉටු කළහ.” යනුවෙන් සඳහන් වී ඇත. තවත් වාර්තාකව: "c2">“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිරු උදාවීමෙන් පසු සැහැල්ලු රකආත් දෙකක් ඉටු කරන්නෙකු වූහැයි තමන්ට හෆ්සා තුමිය පවසා සිටි බව සැබැවින්ම ඉබ්නු උමර් තුමා දන්වමින් එය මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත නොපිවෙසන හෝරාවක් විය.” යැයි තවදුරටත් පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - සියලු වාර්තා සම්බන්ධතාවන් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත.

විවරණය

පස්වේල සලාත් සඳහා වූ අමතර සුන්නා සලාතයන් පිළිබඳ විස්තරයක් මෙම හදීසයේ සඳහන් වෙයි. එනම්, ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් හා ඉන් පසු රකආත් දෙකක් වශයෙන් රකආත් හතරක් ද ජුමුආ සලාතයට පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද වශයෙන් වේ. එමෙන්ම මග්රිබ් හා ඉෂා යන රාත්රියේ සුන්නත් සලාත් දෙක ද ෆජ්ර් හා ජුමුආ හි සුන්නත් සලාතය ද දේව දූතයාණන් තම නිවසෙහි ඉටු කරන්නෙකු වූහ. ඉබ්නු උමර් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නිවසට සම්බන්ධ අයකු වූහ. එය තම සහෝදරිය වූ හෆ්සාගේ ස්ථානයේ සිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අවසරය ලැබූ බැවිණි. එතුමාණන් නැමදුම් කරන වේලාවන්හි ඔහු නිවසට පිවිසෙන්නෙකු විය. "c2">“අහෝ විශ්වාස කළවුනි, නුඹලාගේ දකුණත හිමිකරගත් අය ද නුඹලා අතරින් වැඩිවියට ලඟා නොවූ අය ද ෆජ්ර් සලාතට පෙර තෙවතාවක් අවසරගත යුතුයි” යන දේව වාක්යය පිළිපදිමින් නබි තුමාණන් වෙත නොවිසිය යුතු හෝරාවන්හි ඔහු සිරිතක් වශයෙන් එහි පිවිසුනේ නැත. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාත් ඉටු කරන්නේ කෙසේදැ?යි දැක බලා ගන්නට ෆජ්ර් සලාතයට පෙර පැවති හෝරාවෙහි ඔහු එතුමා වෙත පිවිසුනේ නැත. නමුත් ඔහු ඒ ගැන දැනගන්නට ආශා කළේය. ඔහු තම සහෝදරිය වූ හෆ්සාගෙන් ඒ ගැන විමසා සිටියේය. එවිට ඇය ‘නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් උදාවීමෙන් පසු සැහැල්ලු සජදා දෙකක් ඉටු කරන්නෙකු ලෙස සිටි බව දන්වා සිටියාය. ඒ දෙක සුබ්හ් සලාතයේ සුන්නා සලාතය විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර