عَنْ أَبِي الدَّرْدَاءِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«أَلاَ أُخْبِرُكُمْ بِأَفْضَلَ مِنْ دَرَجَةِ الصِّيَامِ وَالصَّلاَةِ وَالصَّدَقَةِ؟» قَالُوا: بَلَى، قَالَ: «صَلاَحُ ذَاتِ البَيْنِ، فَإِنَّ فَسَادَ ذَاتِ البَيْنِ هِيَ الحَالِقَةُ».

[صحيح] - [رواه أبو داود والترمذي] - [سنن الترمذي: 2509]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ අද්-දර් දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي] - [سنن الترمذي - 2509]

විවරණය

"අමතර උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු: "එසේය" යැයි පැවසූහ. එතුමාණන් මෙසේ පැවසීය: මිනිසුන් අතර ගැටුම්, බෙදීම්, විරසකවීම්, වෛරය සහ ද්‍රෝහිකම් ඇති කරන ආරවුල් පවතින්නේ නම්, එවන් පාර් ශවයන් අතර සංහිඳියාව ඇති කිරීම ය. මන්ද ඔවුන් අතර සබඳතා දූෂිත වීමෙන් ඇතිවන වෛරය දැලි පිහියෙන් රෝම ඉවත් කරන්නාක් සේ ආගම සහ ලෝකය විනාශ කර මුලිනුපුටා දැමිය හැකි කරුණකි.

හදීසයේ හරය

  1. තම සගයින්ගෙන් විමසා පිළිතුර දැනගැනීමට ඔවුන් උනන්දු කරවීමෙන් නබි තුමා පෙන්වා දුන් මඟ.
  2. අත් තීබී තුමා මෙසේ පැවසීය: මිනිසුන් අතර සංහිඳියාව ඇති කිරීම සහ දිරිමත් කිරීම, දූෂණයෙන් ඔවුන් වැළැක්වීම. මන්ද එය සංහිඳියාව නම් අල්ලාහ්ගේ රැහැන තදින් අල්ලා ගැනීමට, මුස්ලිම්වරුන් අතර බෙදී වෙන්ව නොයෑමට සම්බන්ධතා දූෂණය වී ආගම බිඳවැටීමට හේතුවක් වන නිසාවෙනි. එබැවින් එය සමථයකට පත් කිරීමට සහ එහි දූෂණය ඉවත් කිරීමට කටයුතු කරන ඕනෑම අයෙකු තම කටයුතුවල නියැලී සිටින උපවාසකරු ලබා ගන්නා තරාතිරමට වඩා ඉහළ තරාතිරමක් අත්කර ගනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (23)
අමතර