+ -

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: مَا خَطَبَنَا نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَّا قَالَ:
«لَا إِيمَانَ لِمَنْ لَا أَمَانَةَ لَهُ، وَلَا دِينَ لِمَنْ لَا عَهْدَ لَهُ».

[حسن لغيره] - [رواه أحمد] - [مسند أحمد: 12383]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් මිස අපට දේශනා කළේ නැත. එනම්:
"කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත."

[හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත] - [مسند أحمد - 12383]

විවරණය

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි: කරුණු දෙකක් මෙනෙහි කිරීමෙන් තොරව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙසක් හෝ දේශනාවක් කිරීම විරල විය. පළමුවැන්න: තමන් භාරයේ තබන ලද කිසිවකුගේ ධනය, ජීවිතය හා පවුල සම්බන්ධයෙන් වංචාවක් සිදු වන්නේ ද එවන් අයකුට පූර්ණ දේව විශ්වාසය නැත. දෙවැන්න: කවරෙකු ගිවිසුම්, ප්‍රතිඥා කඩ කරමින් ඒවායෙහි වංචනික ලෙස කටයුතු කරන්නේ ද ඔහුට පූර්ණ ආගමක් නැත.

හදීසයේ හරය

  1. පැවරුම් ඉටු කිරීමටත් ගිවිසුම් පූර්ණවත් කිරීමටත් දිරි ගැන්වීම. මක්නිසාද යත් ඒවා කඩ කිරීමෙන් දේව විශ්වාසය කඩ වී යන බැවිනි.
  2. පවරුම් හි වංචනිකව කටයුතු කිරීම හා ගිවිසුම් කඩ කිරීම ගැන දැඩි අවවාදය. සැබැවින්ම ඒවා මහා පාපකම් අතරිනි.
  3. අල්ලාහ් හා ඔහුගේ ගැත්තා අතර පවතින ගිවිසුම් හා පැවරුම් මෙන්ම මැවීම් අතරින් ඔවුන් එකිනෙකා අතර පවතින ගිවිසුම් හා වගකීම් ඉටු කිරීම මෙම හදීසය ආවරණය කර ගෙන ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු වියට්නාම හවුසා ස්වාහිලි ආසාමි الهولندية الغوجاراتية الرومانية المجرية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර