«الحَسَن والحُسَيْن سَيِّدا شَباب أهْل الجنة».
[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 3768]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"හසන් සහ හුසෙයින් ස්වර්ග වාසී තරුණයින්ගේ නායකයින් දෙදෙනා වෙති."
[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 3768]
සැබැවින්ම අලී ඉබ්නු අබී තාලිබ් හා තම දුව වන ෆාතිමා (රළියල්ලාහු අන්හුමා) ගේ පුතුන් වන තම මුණුබුරන් වන, හසන් හා හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා, තරුණ වියේ මරණයට පත්ව භාග්‍යමත් ස්වර්ගයට පිවිසෙන සෑම කෙනෙකුගේ නායකයෝ දෙදෙනා වෙති. එසේ නැතහොත් ඔවුන් දෙදෙනා නබිවරුන් 'කුලෆාඋර් රාෂිදීන්' හෙවත් ප්‍රධාන පෙළේ අනුගාමිකයින් හැර සෙසු ස්වර්ගවාසී තරුණයින්ගේ ප්‍රධානියෝ දෙදෙනා වෙති. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.