عن بريدة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «من حَلَفَ بالأمَانة فليس مِنَّا».
[صحيح] - [رواه أبو داود وأحمد]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු වගකීම් මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
හදීසයේ අර්ථය, වගකීම් මත දිවුරා සිටීමෙන් වැළකී සිටිය යුතුයි යන්නය. සැබැවින්ම වගකීම් මත දිවුරා සිටීම අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීමකි. “කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේද සැබැවින්ම ඔහු ප්රතික්ෂේප කළේය. එසේ නැතහොත් ආදේශ තැබුවේය. හදීසයෙහි සඳහන් පරිදි අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම අල්ලාහ්ට තබන ආදේශයකි. මෙහිදී ආදේශය යනුවෙන් අදහස් කර ඇත්තේ: සුළු පරිමාණයේ ආදේශයයි. අල්ලාහ් නොවන දෑට දිවුරීම කුඩා පරිමානයේ ආදේශයක් වන්නේය. නමුත් එසේ දිවුරා සිටින්නා සැබැවින්ම ඔහු කවර කරුණක් මත දිවුරා සිටියේ ද එයට ගරු කිරීමේදී හා නැමදුම් කිරීමේදී එවැනි කටයුතුවලදී එය අල්ලාහ්ගේ තත්ත්වයේ තබමින් එම විශ්වාසය මත දිවුරා සිටියේ ද එවිට එය මහා පරිමාණයේ ආදේශයක් බවට පත් වනු ඇත. තවද මුස්ලිම්වරයා උත්තරීතර අල්ලාහ් මත හෝ ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් මත හැර දිවුරා නොසිටිනු ඇත. වගකීම් ඔහුගේ ගුණාංග අතරින් නොවන්නේය. සැබැවින්ම ඒවා ඔහුගේ නියෝග අතරින් වූ නියෝගයකි.