عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا يَشْكُرُ اللَّهَ مَنْ لَا يَشْكُرُ النَّاسَ»
[صحيح] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن أبي داود: 4811]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
"මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن أبي داود - 4811]
මිනිසුන් තමාට කළ යහපත හා කරුණාව වෙනුවෙන් ස්තූති නොකරන තැනැත්තා සාමාන්‍යයෙන් අල්ලාහ්ට ද ස්තූති නොකරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. මක්නිසාද යත්, ඒ කාරණා දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවිනි. මන්ද, මිනිසුන්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන සහ ඔවුන්ට ස්තූති නොකරන ස්වභාවයක් සහ පුරුද්දක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන අතර ඒවා වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට අපොහොසත් වීමේ පුරුද්දක් ද ඇති කර ගනී.