عَنْ أَبَانَ بْنِ عُثْمَانَ قَالَ: سَمِعْتُ عُثْمَانَ ابْنَ عَفَّانَ رضي الله عنه يَقُولُ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«مَنْ قَالَ بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ، ثَلَاثَ مَرَّاتٍ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلَاءٍ، حَتَّى يُصْبِحَ، وَمَنْ قَالَهَا حِينَ يُصْبِحُ ثَلَاثُ مَرَّاتٍ، لَمْ تُصِبْهُ فَجْأَةُ بَلَاءٍ حَتَّى يُمْسِيَ»، قَالَ: فَأَصَابَ أَبَانَ بْنَ عُثْمَانَ الْفَالِجُ، فَجَعَلَ الرَّجُلُ الَّذِي سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ، فَقَالَ لَهُ: مَا لَكَ تَنْظُرُ إِلَيَّ؟ فَوَاللَّهِ مَا كَذَبْتُ عَلَى عُثْمَانَ، وَلَا كَذَبَ عُثْمَانُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَلَكِنَّ الْيَوْمَ الَّذِي أَصَابَنِي فِيهِ مَا أَصَابَنِي غَضِبْتُ فَنَسِيتُ أَنْ أَقُولَهَا.
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه والنسائي في الكبرى وأحمد]
المزيــد ...

උස්මාන් ඉබ්නු අෆ්ෆාන් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සෑම දිනකම උදේ වරුවේ මෙන්ම සෑම රත්රියකම සැන්දෑ වරුවේ කිසියම් දේව ගැත්තෙකු "c2">“බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ළි වලා ෆිස් සමාඉ වහුවස්-සමීඋල් අලීම්” (අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු වනාහි ඔහුගේ නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන්නේමය.) යැයි තුන් වරක් පවසන්නේ ද ඔහුට කිසිදු හානියක් කිසිවිටක අත් වන්නේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සෑම දිනකම උදෑසන මෙන්ම සෑම රත්රියකම සවස් කාලයේ එනම් හිරු උදාවෙන් පසු හා හිරු අවරට ගිය පසුව කිසියම් දේව ගැත්තෙකු අහමද්හි සඳහන් තවත් වාර්තාවක් අනුව: දිනය ආරම්භයේ හා රාත්රිය ආරම්භයේ යනුවෙන් සඳහන්ව ඇත. "c2">“බිස්මිල්ලාහ්” එනම්: උත්කෘෂ්ඨත්වය හා ගෞරවය පිළිගන්වන පරිදි ඔහුගේ නාමය මෙනෙහි කරනු. "c2">“අල්ලදී ලා යළුර්රු මඅස්මිහි” එනම්: අවංක චේතනාවෙන් හා මනා විශ්වාසයකින් යුතුව ඔහුව මෙනෙහි කිරීමත් සමග’ යන්නයි. "c2">“ලම් යළුර්රුහු ෂෙයිඋන් ෆිල් අර්ළි වලා ෆිස් සමාඉ” අහසේ හෝ මහපොළොවේ හෝ පහළ වන ව්යසන අතරින් කිසිවක් ඔහුට හානියක් ඇති කරන්නේ නැත. "c2">“වහුවස්-සමීඋ” එනම් අපගේ ප්රකාශ පිළිබඳ මැනවින් දන්නාය. "c2">“අල් අලීම්” අපගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. සැබැවින්ම මෙම අනුවාද වනාහි, එය පවසන්නාගෙන් ඔහුට සිදුවන්නට ඇති සියලු උවදුරුවලින් ඔහුව වළක්වන බව මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසය උස්මාන් ඉබ්නු අෆ්වාන් තුමා තම පුතු අබාන්ට දන්වා සිටියේය. ඔහු විශ්වසනීය තාබිඊන් වරයෙකි. ඔහු අංශභාගයට පත්ව සිටියේය. ඔහුගෙන් මෙම හදීසය සවන් දුන් මිනිසෙකු ඔහු දෙස පුදුමයෙන් මෙන් බලන්නට විය. එවිට අබාන් ඔහු දෙස බලා: ‘මා දෙස මෙසේ බැලීමට නුඹට කුමක් සිදුවී ඇත් ද? සැබැවින්ම මම උස්මාන්ට එරෙහිව බොරු නොපැවසුවෙමි. උස්මාන්ද නබි (සල්ලල්ලා අලයිහි වසල්ලම්) තුමාණන්ට එරෙහිව බොරු පවසා නැත. නමුත් මේ ඉරණම මට අත් වූ දින මම කෝප වූයෙමි. එය පවසන්නට මට අමතක විය. යැයි පැවසීය. මෙයින් පහත සඳහන් කරුණු අපට ගත හැක. (අ) කෝපය: පුද්ගලයකු හා ඔහුගේ සිහිබුද්ධිය අතරට අවතීරණය වන බිහිසුණු අන්තරායකි. (ආ) අල්ලාහ් ඔහුගේ ඉරණම ක්රියාත්මක කිරීමට සිතූ විට ගැත්තා හා ඒ අතරට අවතීරණ වූ දෑ වෙනතකට යොමු කරයි. (ඇ) ප්රාර්ථනාව ඉරණමට ප්රතිචාරයකි. (ඈ) අල්ලාහ් පිළිබඳ මුල් මුතුන් මිත්තන් තුළ තිබූ දැඩි විශ්වාසයේ බලය. අල්ලාහ්ගේ දූතයාණන් කවර දෙයක් දැනුම් දුන්න ද ඔවුන් එය තහවුරු කරන්නට වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර