عَنْ وَحْشِيِّ بْنِ حَرْبٍ رَضيَ اللهُ عنه:
أَنَّهُمْ قَالُوا: يَا رَسُولَ اللَّهِ، إِنَّا نَأْكُلُ وَلَا نَشْبَعُ، قَالَ: «فَلَعَلَّكُمْ تَأْكُلُونَ مُتَفَرِّقِينَ؟» قَالُوا: نَعَمْ. قَالَ: «فَاجْتَمِعُوا عَلَى طَعَامِكُمْ، وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ، يُبَارَكْ لَكُمْ فِيهِ».
[حسن] - [رواه أبو داود وابن ماجه وأحمد] - [سنن ابن ماجه: 3764]
المزيــد ...
වහ්ෂී ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි, අපි අනුභව කරන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත.' යැයි ඔවුහු පවසා සිටියහ. එතුමාණෝ: "ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක" යැයි පවසා සිටියහ. ඔවුහු: ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. ඉන්පසු එතුමාණෝ: "ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත."
[හසන් ගණයට අයත් හදීසයකි] - - [سنن ابن ماجه - 3764]
ඇතැම් සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරමින් මෙසේ පවසා සිටියහ: සැබැවින්ම අපි ආහාර ගන්නෙමු. නමුත් බඩ පිරෙන්නේ නැත.
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "ඔබ ආහාර ගන්නා විට වෙන් වෙන්වී තනිව එකිනෙකා ආහාර ගන්නා විය හැක" ඔවුහු ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ: ඔබ වෙන් නොවී එකට ආහාරය ගන්න. ආහාර ගන්නා විට, බිස්මිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිය ඇති කරනු ඇත.