1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි

عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:

قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ الْعَقَبَةِ وَهُوَ عَلَى نَاقَتِهِ: «الْقُطْ لِي حَصًى» فَلَقَطْتُ لَهُ سَبْعَ حَصَيَاتٍ، هُنَّ حَصَى الْخَذْفِ، فَجَعَلَ يَنْفُضُهُنَّ فِي كَفِّهِ وَيَقُولُ: «أَمْثَالَ هَؤُلَاءِ فَارْمُوا» ثُمَّ قَالَ: «أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ، فَإِنَّما أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْغُلُوُّ فِي الدِّينِ».

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අකබා උදෑසන තම ඔටුවා මත හිඳ මෙසේ පැවසූහ. "මට ගල් කැට අහුලා දෙන්න." එවිට මම එතුමාණන් වෙනුවෙන් ගල් කැට හතක් අහුලා දුනිමි. ඒවා බොරළු කැට විය. පසුව ඔහු ඒවා තම අත්ලෙහි සොලවා මෙසේ කීවේය: “මේවා මෙන් ඔබ විසි කරන්න.” ඉන්පසු එතුමාණෝ මෙසේ පැවසීය.“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි."

صحيح رواه ابن ماجه والنسائي وأحمد سنن ابن ماجه - 3029

විවරණය

හජ්ජතුල් වදා නම් අවසන් හජ් සමයේ අවුරුදු දින අකබාවට ගල් වීසීකරන උදෑසන තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එවිට විසිකරන ගල්කැට එතුමාණන් වෙනුවෙන් අහුලා දෙන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. එතුමාණන් වෙනුවෙන් හෙතෙම ගල්කැට හතක් අහුලා දුන්නේය. ඉන් එකක් කඩල ඇටයක හෝ ධාන්‍ය ඇටයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය අතේ තබා ගෙන මෙසේ පැවසූහ. මෙම ප්‍රමාණයෙන් සමාන වූ දෑ විසි කරන්න. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අන්තවාදයට, අතිශයෝක්තිභාවයට සහ ආගමික කාරණාවලදී සීමාව ඉක්මවීමට එරෙහිව අනතුරු ඇඟවූහ. සැබැවින්ම පෙර සමූහයන් විනාශයට පත් වූයේ ආගමේ සීමාව ඉක්මවා යෑම, අතිශයෝක්තිභාවය හා අන්තවාදය බව පෙන්වා දුන්හ.

හදීසයේ හරය

  1. ආගමෙහි සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් වැළැක්වීම, එහි අවසාන නපුර බවත් සැබැවින්ම එය විනාශයට හේතුවක් බවත් පැහැදිලි කිරීම.
  2. අපට පෙර සිටි සමූහයන්ගෙන් පාඩම් ඉගැනීම. එය ඔවුන් කළ වැරදි වළක්වා ගැනීමට ඉවහල් වේ.
  3. සුන්නාව (නබි සම්ප්‍රදාය) පිළිපැදීමට දිරිගැන්වීම.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ