1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු ‌නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَنْ سَبَّحَ اللهَ فِي دُبُرِ كُلِّ صَلَاةٍ ثَلَاثًا وَثَلَاثِينَ، وَحَمِدَ اللهَ ثَلَاثًا وَثَلَاثِينَ، وَكَبَّرَ اللهَ ثَلَاثًا وَثَلَاثِينَ، فَتْلِكَ تِسْعَةٌ وَتِسْعُونَ، وَقَالَ: تَمَامَ الْمِائَةِ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ غُفِرَتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු ‌නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."

صحيح رواه مسلم صحيح مسلم - 597

විවරණය

කවරෙකු අනිවාර්යය සලාතයෙන් පසු පහත සඳහන් කරුණු පවසන්නේ ද ඔහුගේ පව්වලට සමාව දෙනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි පවසා සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම.
තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි පවසා අල්ලාහ් කෙරෙහි ආදර බැඳීමෙන් හා ගරු කිරීමෙන් යුතුව ඔහුගේ සියලුම පූර්ණවත් ගුණාංග මෙනෙහි කරමින් ඔහුව ප්‍රශංසා කිරීම.
තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි පවසා සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය, සියලු දෑට වඩා ඔහු අති කීර්ති මත්ය යැයි පිළිගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම.
"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් පැවසීමෙන් සියය සම්පූර්ණ වෙයි. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැති අතර ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.
කවරෙකු මෙය පවසන්නේ ද, ඔහුගේ පාපකම් මුහුදු රැළි නගන විට හා රළුවන විට මතුවන සුදු පෙණ තරම් තිබුණ ද ඒවා මකා දමා ඔහුට සමාව දෙනු ලැබේ.

الملاحظة
ليتكم تزيدون في الشرح أن غفران الذنوب يُقصد بها الصغائر لأن بعض الناس قد يظن أنها تشمل الكبائر جزاكم الله خيرا
النص المقترح لا يوجد...

හදීසයේ හරය

  1. අනිවාර්යය සලාත්වලින් පසු ‌මෙම (දික්ර්) මෙනෙහි කිරීම සතුටුදායකය.
  2. පාපකම්වලට සමාව ලැබීමට මෙම සිහිකිරීම හේතුවක් වේ.
  3. උත්තරීතර අල්ලාහ්ගේ මහිමය, ඔහුගේ කරුණාව හා ඔහුගේ සමාවේ විශාලත්වය.
  4. මෙම දික්ර් පාපකම්වලට සමාව ලැබීමට හේතුවකි. එහි අදහස: සුළු පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා පාපකම් වනාහි, ඒවා තව්බා හෙවත් පශ්චාත්තාප වී සමාව අයදින තෙක් ඒවාට සමාව දෙනු නොලැබේ.

අර්ථ කථන නිරීක්ෂණය

57 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ