ප්‍රවර්ගය:
عن جابرٍ رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول:

«إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالْكُفْرِ تَرْكَ الصَّلَاةِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 82]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 82]

විවරණය

අනිවාර්යය සලාතය මඟ හැරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම පුද්ගලයකු හා බහුදේව වාදයේ මෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ ඇඳ වැටීම අතර පවතිනුයේ සලාතය මඟ හැරීමය. සලාතය ඉස්ලාමයේ මූලිකාංග අතරින් දෙවන මූලිකාංගයයි. ඉස්ලාමයේ එහි කරුණ අති වැදගත්ය. කවරෙකු එය අනිවාර්යභාවය ප්‍රතික්ෂේප කරමින් එය අත්හැරියේ ද මුස්ලිම්ලිම්වරුන්ගේ සම්මුතියට අනුව ඔහු ප්‍රතික්ෂේප කළ අයකු මෙන් වේ. මැලිකමින් හා නොසැලකිලිමත්කමින් කවරෙකු එය අත්හැරියේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු වේ. ඒ සම්බන්ධයෙන් සහාබාවරුන්ගේ සම්මුතියන් සඳහන් වී ඇත. ඇතැම් අවස්ථාවල එය ඉටු කර තවත් අවස්ථාවල එය මඟ හරින්නේ නම් ඔහු ද මෙම දැඩි අවවාදයට යොමු කරනු ලබන්නෙකි.

الملاحظة
كتبتم "وإنَّ كان يترك أحيانًا ويُصلّي أحيانًا فهو مُعَرَّض لهذا الوعيد الشديد" بتشديد الدال بدلا من "وإنْ" بالسكون.
النص المقترح لا يوجد...

හදීසයේ හරය

  1. සලාතයේ හා එය සුරක්ෂිතව ඉටු කිරීමේ මහිමය. දෙවත්වය ප්‍රතික්ෂේප කිරීම හා විශ්වාස කිරීම අතර වෙනස එයයි.
  2. සලාතය අත්හැර එය මග හරින්නාට වන දැඩි අවවාදය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (58)
ප්‍රවර්ග
අමතර