1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«انْصُرْ أَخَاكَ ظَالِمًا أَوْ مَظْلُومًا». فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللَّهِ، أَنْصُرُهُ إِذَا كَانَ مَظْلُومًا، أَفَرَأَيْتَ إِذَا كَانَ ظَالِمًا كَيْفَ أَنْصُرُهُ؟ قَالَ: « تَحْجُزُهُ -أَوْ تَمْنَعُهُ- مِنَ الظُّلْمِ؛ فَإِنَّ ذَلِكَ نَصْرُهُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.

صحيح رواه البخاري صحيح البخاري - 6952

විවරණය

තම සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔහුට උදව් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එවිට මිනිසෙකු මෙසේ විමසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් ඔහුගෙන් එම අපරාධය ඉවත් කරමින් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීම, ඔහුගේ අතින් අල්ලා නතර කිරීම, ඔහුව දුරස් කිරීම හා වැළැක්වීමය. සැබැවින්ම එය ඔහු නපුරු බලවේගයට හා ඔහුගේ නපුරු ආත්මයට එරෙහිව ඔහුට කරන උපකාරයයි."

හදීසයේ හරය

  1. මුස්ලිම්වරුන් අතර සිටින විශ්වාසයේ සහෝදරයින් සතු යුතුකම් අතරින් එක් යුතුකමක් පිළිබඳ අවධාරණය කර තිබීම.
  2. අපරාධකරුවාගේ අතින් අල්ලා එම අපරාධය ඔහුගෙන් වැළැක්වීම.
  3. අඥාන යුගයේ අදහස් වලට ඉස්ලාමය විරුද්ධ වීම. එනම් ඔවුහු අපරාධයට ලක්වූවන් වුව ද, තවත් කෙනෙකුට අපරාධ කළවුන් වුව ද ඔවුන් සැමට එක සමාන සේ එකිනෙකා උදව් කර ගනිමින් පසුවූහ.

අර්ථ කථන නිරීක්ෂණය

36 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية