عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ عَنِ النَّبِيِّ صلَّى اللَّهُ عليْه وسلَّمَ، قَالَ:
«إِذَا أُقِيمَتِ الصَّلَاةُ فَلَا صَلَاةَ إلَّا المَكْتُوبَةُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 710]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත."

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 710]

විවරණය

යමෙකු මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු සුන්නත් සලාතයක් ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.

හදීසයේ හරය

  1. මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පවසනු ලැබූ විට අතිරේක සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටීම.
  2. සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු අතිරේක සලාතයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටිය යුතුය. එය සුබ්හු හා ළුහර් සලාතයට අදාළ අතිරේක සලාතයක් වැනි අතිරේක සලාතයක් වුව ද ඒ හැර වෙනත් සුන්නත් සලාතයක් වුව ද එලෙසමය.
  3. ඔහු අතිරේක සලාතයේ නිරතව සිටිය දී ඉකාමත් පවසනු ලැබූ විටෙක, එක් රකආතයකට වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව තිබේ නම් ඉතිරිය ඉක්මණින් ඉටු කළ යුතු වේ. එසේ නොමැති විටෙක ආරම්භක තක්බීරයේ මහිමය මග නොහැරෙනු වස් එය විසන්ධි කළ ගත යුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (25)
අමතර