عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَتِمُّوا الصَّفَّ المُقَدَّمَ، ثُمَّ الَّذِي يَلِيهِ، فَمَا كَانَ مِنْ نَقْصٍ فَلْيَكُنْ فِي الصَّفِّ المُؤَخَّرِ».

[صحيح] - [رواه أبو داود والنسائي] - [سنن أبي داود: 671]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والنسائي] - [سنن أبي داود - 671]

විවරණය

සාමුහිකව සලාතය ඉටු කරන පිරිමින් හට පළමු පේළිය සම්පූර්ණ න කරන මෙන් ද පසුව ඊට පරව ඇති පේළිය සම්පූර්ණ න කරමින් ඒ අනුව අනෙකුත් පේළිද සකස් කර ගන්නා මෙන් ද පේළියක යම් අඩුවක් දුටුවේ නම් එම අඩුව අවසන් පේළියේ සකසන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළහ.

හදීසයේ හරය

  1. පේළි සමාන්තවර සකසා ගැනීමේ නබි පිළිවෙත පැහැදිලි කිරීම.
  2. ඉදිරි පේළිවල හිඩැස් නොතිබීම සාමුහිකව සලාත් ඉටු කරන්නන්ගේ යුතුකමයි. ඒ වෙනුවට එහි අඩුව අවසන් පේළියේ සකස් කර ගත යුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (23)
අමතර