عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُما أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَفَاتِحُ الغَيْبِ خَمْسٌ، {إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنْزِلُ الغَيْثَ وَيَعْلَمُ مَا فِي الأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ}».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 4627]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර් තා කරන ලදී.
"නොපෙනෙන ගුප්ත දේවල යතුර පහකි.: අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් අබියස ය. ඔහු වර් ෂාව පහළ කරයි. තවද ගර් භා ෂයේ ඇති දේ දනී. කිසිදු ආත්මයක් හෙට උපයන දේ නොදනී. කිසිදු ආත්මයක් එය කුමන භූමියක මිය යනු ඇත්දැයි නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය සියලු තොරතුරු දන්නා අභිඥානවන්තය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 4627]

විවරණය

ගුප් දෑ පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් අබියස ය. ඔහු හැර වෙනත් කිසිවකු ඒ ගැන නොදනී. සැබැවින්ම ගුප්ත දෑහි යතුරු හා එහි භාණ්ඩාගාර පහක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පළමුවැන්න: අවසන් හෝරාව කවර වේලාවක සිදුවේදැයි අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. එය අවසන් දිනය පිළිබඳ දැනුම පෙන්වා දෙන්නකි. මක්නිසාදයත් එහි ආරම්භය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වන බැවිනි. ඉතා සමීප දෑ පිළිබඳ දැනුම නොමැති වූ විටෙක, ඉන් පසු ඇතිවන දෑ පිළිබඳ දැනුම අහිමි වී යයි. දෙවැන්න: වර් ෂාව ඇති වන්නේ කවදාදැයි අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. මෙය ඉහළ ලෝකයේ කටයුතු පිළිබඳ පෙන්වා දෙන්නකි. පොදුවේ එය ඇති විය හැකි බව පවසන සාමාන්‍ය හේතු තිබුණ ද ඒවා කිසිදු සහතික කිරීමකින් ස්ථීර කිරීමකින් තොරව පවසන අනාවැකි පමණය. තුන්වැන්න: ගර් භාෂාවල තිබෙන වස්තුව පිරිමි ද ගැහැණු ද, කළු ද සුදු ද, සම්පූර්ණ ද අසම්පූර්ණ ද භාග්‍යවන්ත ද අභාග්‍යවන්ත ද යනාදිය ගැන දැනුමයි. (එය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී) ගර් භාෂය ගැන විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පොදුවේ බහුතරයක් දෙනා ඒ ගැන දන්නා බැවිනි. නමුත් එහි සැබෑ යථාර් ථය කිසිවකුට හඳුනා ගත නොහැකි ය. ඒ පිළිබඳ සත්‍යය කිසිවෙකු නොදන්නා බැවින්, ඔහු එය වඩාත් උචිත මාර් ගයක් බවට වෙනස් කළේය. සිව්වැන්න: හෙට දවස ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. එය කාලයේ වර් ග හා එහි සිදුවන සිදුවීම් පිළිබඳ පෙන්වා දෙයි. එහි යථාර් ථය ආසන්නතම කාලය බවට පත් කිරීමට හෙතෙම "හෙට" යන වචනය භාවිතා කර ඇත. එය වඩාත් සමීපව තිබියදීත්, එහි ඇඟවීම් සහ සංඥා කිරීමේ හැකියාව තිබියදීත් එහි සිදුවන දේ පිළිබඳ යථාර් ථය යමෙකු නොදන්නේ නම්, එයින් ඔබ්බට ඇති දේ ඊටත් වඩා වැඩිය. පස්වනුව: කිසිම ආත්මයක් තමන් කුමන දේශයේ මිය යනු ඇත්දැයි නොදනී. මෙය පහළ ලෝකයේ කටයුතු පිළිබඳ සඳහනකි. බොහෝ මිනිසුන් තම රට තුළ මිය යාම සිරිතක් වුව ද, නමුත් එය සත්‍ය නොවේ. ඒ වෙනුවට, ඔහු තම රට තුළ මිය ගියත්, ඔහුගේ මුතුන් මිත්තන් සඳහා සුසාන භූමියක් තිබුණත්, ඔහුව භූමදාන කරන්නේ කුමන ස්ථානයේදැයි ඔහු නොදනී. {නියතවශයෙන්ම අල්ලාහ් සර් වඥානීය. මහා ප්‍රඥාවන්තය} ඔහු මතුපිට මෙන්ම අභ්‍යන්තරය ද අභිරහස්, සැඟවුණු දෑ සහ රහස් ද දනී. එබැවින් සියලු ආකාරයේ ගුප්ත දේවල් මෙම පදය අන්තර් ගත කර ඇති අතර සියලු ව්‍යාජ තර් ක මෙමගින් ඉවත් කළේය.

හදීසයේ හරය

  1. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා ගුප්ත වස්තූන් පිළිබඳ යථාර් ථය පැහැදිලි කිරීම.
  2. 'ගුප්ත දෑහි යතුරු පහකි' යන ප්‍රකාශය ගැන අස්-සින්දි තුමා මෙසේ පැවසීය: පහ යන පදය නම් තබන ලද්දේ ගුප්ත දේ සඳහා යතුරු ලෙසිනි, මන්ද මේ පහ පිළිබඳ දන්නා අයට සියලු ගුප්ත දෑ පිළිබඳ දැනුම සතු විය යුතුය. එය නොපෙනෙන දේවල නිධානයන් අගුළු ඇරීමට භාවිතා කළ හැකි දෙයක් මෙන් විය.
  3. ඉබ්නු අබි ජම්රා ප්‍රකාශ කළ බවට ඉබ්නු හජර් තුමා මෙසේ ප්‍රකාශ කළේය.: ඔහු "යතුරු" යන යෙදුම භාවිතා කළේ ශ්‍රාවකයාට කාරණය පහසු කිරීම සඳහා ය. මන්ද ඔබ සහ එය අතර තබා ඇති ඕනෑම දෙයක් ඔබෙන් සැඟවී ඇති අතර පොදුවේ එය දැන ගැනීමට ඇති මාර් ගය දොර විවෘත කිරීම හරහා වේ. ඒ අනුව දොර වසා තිබේ නම්, එය විවෘත කිරීමට යතුර අවශ්‍යය. සම්බන්ධ කිරීමකින් හැර ප්‍රවේශ විය නොහැකි දෙයක් වී එහි අදාළ ස්ථානය නොදන්නේ නම්, ගුප්ත දේ දැනගත හැකි වන්නේ කෙසේද?
  4. ඉබ්නු අබී ජම්රාතුමා මෙසේ පැවසීය: ඒවා පහක් බවට පත් කිරීමේ ප්‍රඥාව නම් විශ්වය ඒවාට සීමා වී ඇති බව ඇඟවීමයි.
  5. සුවිශුද්ධ අල්ලාහ්ගේ ප්‍රඥාව හේතුකොටගෙන ඇතැම් ගුප්ත දෑ ඔහුගේ දූතවරුන් වෙත ඔහු හෙළි කළ හැකිය.
  6. ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥයින්ගේ සහ මන්ත්‍රගුරුකම් කරන්නන්ගේ අනාවැකි ප්‍රතික්ෂේප කිරීම. සර් වබලධාරී අල්ලාහ් පමණක් දන්නා දෙයක් තමන් දන්නා බව පවසන ඕනෑම අයෙකු සර් වබලධාරී අල්ලාහ්ට ඔහුගේ දූතයාට සහ මහඟු අල්-කුර්ආනයට එරෙහිව බොරු ප්‍රකාශ කර ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (24)
අමතර