ප්‍රවර්ගය: . .
عَنْ أَبِي الحَوْرَاءِ السَّعْدِيِّ قَالَ: قُلْتُ لِلْحَسَنِ بْنِ عَلِيٍّ رضي الله عنهما: مَا حَفِظْتَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؟ قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:

«دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لاَ يَرِيبُكَ، فَإِنَّ الصِّدْقَ طُمَأْنِينَةٌ، وَإِنَّ الكَذِبَ رِيبَةٌ».
[صحيح] - [رواه الترمذي والنسائي وأحمد] - [سنن الترمذي: 2518]
المزيــد ...

අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ:
“ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."

الملاحظة
هذا الحديث ضعيف ( دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لَا يَرِيبُكَ، ) باطل لا أصل له لا كلام النبي في سنده "بريد بن أبي مريم" لا ثبت حاله لا يعرفونه . التقوا الله لأ تنسبوا قول ما لم يقل النبي ( قال النبي: من كذب عليّ متعمدا فليتبوأ مقعده من النار )
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي والنسائي وأحمد] - [سنن الترمذي - 2518]

විවරණය

ඔබට සැක ඇති කරන ප්‍රකාශ හා ක්‍රියා අත්හැර දමන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය තහනම් කරනු ලැබූ දෙයක් වුව‌ද එසේ නැති වුව ද, එය තහනම් ද අනුමත ද යන්න ගැන සැකයක් පහළ වූ විට, එහි යහපත හා අනුමත භාවය ස්ථීර වී සැකයක් නැති තාක් එය අත්හැරිය යුතු ය. එමගින් සිත සන්සුන් වී සැනසුමට පත්වේ. කවර කරුණක සැකය ඇත්තේ ද එමගින් හදවත කලබලකාරී තත්ත්වයට පත්වන අතර එහි කුතුහලය ඇති වේ.

හදීසයේ හරය

  1. මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
  2. සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
  3. ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
  4. අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
ප්‍රවර්ග
  • .
අමතර