عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضيَ اللهُ عنهما:
سَأَلَ رَجُلٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ عَلَى المِنْبَرِ، مَا تَرَى فِي صَلاَةِ اللَّيْلِ، قَالَ: «مَثْنَى مَثْنَى، فَإِذَا خَشِيَ الصُّبْحَ صَلَّى وَاحِدَةً، فَأَوْتَرَتْ لَهُ مَا صَلَّى» وَإِنَّهُ كَانَ يَقُولُ: «اجْعَلُوا آخِرَ صَلاَتِكُمْ وِتْرًا» فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِهِ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 472]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් (වේදිකාව) මත සිටිය දී මිනිසෙක් මෙසේ විමසීය. රාත්‍රී සලාතය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද? එතුමාණෝ "දෙක දෙක බැගින් විය යුතුය" නමුත් සුබ්හු උදාවේ යැයි ඔබ බිය වූයේ නම් එක් රකආතයක් පමණක් ඉටු කරන්න. එවිට ඉටු කළ සලාතය ඔත්තේ බවට පත්වනු ඇත. එතුමාණෝ: "ඔබේ සලාතයේ අවසානය ඔත්තේ බවට ඔබ පත් කර ගන්න" යැයි පවසමින් සිටියහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන නියෝග කළහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 472]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් වේදිකාව මත සිටිය දී මිනිසෙකු පැමිණ අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, රාත්‍රියේ මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ඔබ සලාත් ඉටු කරන්න. සෑම රකආත් දෙකකටම සලාම් පවසන්න. උදෑසන උදාවනු ඇතැයි බියක් දැනුනු විට එක් රකආතයක් ඉටු කරන්න. ඔබ කළ සලාතය ඔත්තේ බවට පත් වනු ඇත. තවද සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රී සලාතයේ අවසානය ඔත්තේ බවට පත් කර ගන්නැයි, උපදෙස් දෙමින් සිටියහ.