عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَدِيِّ بْنِ الخِيَارِ قَالَ:
أَخْبَرَنِي رَجُلَانِ أَنَّهُمَا أَتَيَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الوَدَاعِ وَهُوَ يُقَسِّمُ الصَّدَقَةَ، فَسَأَلَاهُ مِنْهَا، فَرَفَّعَ فِينَا البَصَرَ وَخَفَّضَهُ، فَرَآنَا جَلْدَيْنِ، فَقَالَ: «إِنَّ شِئْتُمَا أَعْطَيْتُكُمَا، وَلَا حَظَّ فِيهَا لِغَنِيٍّ، وَلَا لِقَوِيٍّ مُكْتَسِبٍ».

[صحيح] - [رواه أبو داود والنسائي] - [سنن أبي داود: 1633]
المزيــد ...

උබෙයිදුල්ලාහ් ඉබ්නු අදී ඉබ්නු අල්-කියාර් තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
මා වෙත මිනිසුන් දෙදෙනෙක් පැමිණ, සැබැවින්ම තමන් දෙදෙනා අවසන් සමුගැනීමේ හජ් වන්දනා අවස්ථාවේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගිය බවත් එවිට එතුමාණන් සදකා වස්තුව බෙදමින් සිටි බවත් තමන් දෙදෙනා එතුමාණන්ගෙන් ඒවා ඉල්ලා සිටි බවත් තමන් දෙදෙනාව ඉහළ පහළ නෙත් යොමු කර එතුමාණන් බැලූ බවත් තමන් දෙදෙනා ශක්තිමත් දෙදෙනකු සේ එතුමාණන් දුටු බවත් පවසා සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ. "ඔබ දෙදෙනා කැමති නම් මම ඔබ දෙදෙනාට පිරිනමමි. පොහොසත් අයට හෝ ඉපැයීමට හැකියාව ඇති අයට හෝ එහි පංගුව අයිති නැත.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والنسائي] - [سنن أبي داود - 1633]

විවරණය

අවසන් හජ් වන්දනා අවස්ථාවේ දී මිනිසුන් දෙදෙනෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියහ. එම අවස්ථාවේ එතුමාණෝ සදකා වස්තුව බෙදමින් සිටියහ. ඉන් යමක් ඔවුන් දෙදෙනාට දෙන මෙන් ඔවුන් දෙදෙනා ඉල්ලා සිටි විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් දෙදෙනා වෙත නැවත නැවතත් බලන්නට විය. එය ඔවුන් දෙදෙනාට සදකා වස්තුව අනුමත ද නැත් ද යන වගත් ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ගැනත් ඔවුන් දෙදෙනාට වටහා දෙනු පිණිසය. ඔවුන් දෙදෙනා හැකියාවන්ත අය සේ එතුමාණන් දුටුහ. පසුව එතුමාණෝ: "සදකා වස්තුවෙන් ඔබ දෙදෙනාට පිරිනමන මෙන් ඔබ දෙදෙනා මගෙන් ඉල්ලා සිටින්නෙහුය. ප්‍රමාණවත් මුදල් ඇති අයට හා ඉපැයීමට හා වෙහෙසීමට ශක්තිය හා හැකියාව ඇති අයට ඉන් කොටසක් හිමි වන්නේ නැත. ඔහුට වස්තුව නොතිබුණ ද ඔහු පොහෙසතෙකු ලෙස සළකනු ලැබේ." යැයි පැවසුහ.

හදීසයේ හරය

  1. පොහොසත් හෝ ඉපැයීමට හැකියාව ඇති පුද්ගලයකු යමක් ඉල්ලා සිටීම තහනම් කර ඇත.
  2. තමා සතුව මුදල් ඇති බව නොදන්නා කෙනෙකු සම්බන්ධයෙන් මූලික මූලධර් මය වන්නේ දුප්පත්කම සහ සදකා සඳහා ඇති අයිතියයි.
  3. ශක්තිය ඇති පමණින් කෙනෙකුට සදකා සඳහා අයිතියක් නොමැති බව අදහස් කෙරෙන්නේ නැත. ඒ වෙනුවට, ඉපැයීමේ හැකියාව ඒ සමඟ තිබිය යුතුය.
  4. තමාට ප්‍රමාණවත් ලෙස උපයා ගත හැකි පුද්ගලයෙකුට අනිවාර් ය දානයෙන් යමක් ලබා ගැනීමට අවසර නැත. මන්ද ධනවත් පුද්ගලයෙකු මුදලින් ස්වයංපෝෂිත වන්නාක් මෙන් ඔහු ඉපැයීමෙන් ස්වයංපෝෂිත වන බැවිනි.
  5. මුස්ලිම්වරයකුගේ පෞරුෂත්වය සඳහා නබි තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ආත්ම ගෞරවය හා පිරිනැමීම මත වන අතර යමක් ගැනීම ඉල්ලීම සහ කම්මැලිකම මත නොවේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (23)