1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ:

«مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، رَضِيتُ بِاللهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولًا، وَبِالْإِسْلَامِ دِينًا، غُفِرَ لَهُ ذَنْبُهُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."

صحيح رواه مسلم صحيح مسلم - 386

විවරණය

මුඅද්දින් (සලාතය සඳහා කැඳවන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ පහත සඳහන් ප්‍රාර්ථනාව කරන්නා පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ" එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු හැර නැමදුම් ලබන සෙසු සියල්ල ව්‍යාජ බවත් මා පිළිගෙන එය දන්වා සිටිමි යන්නයි. "වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" එනම්: සැබැවින්ම මුහම්මද් තුමාණන් නැමදුම් නොලබන ගැත්තකු බව හා බොරු නොකියන දූතයකු බවය. "රළීතු බිල්ලාහි රබ්බන්," (අල්ලාහ් පරමාධිපති බව පිළිගතිමි) එනම් ඔහුගේ පරිපාලනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග සම්බන්ධයෙනි. "වබිමුහම්මදින් රසූලන්" (මුහම්මද් දූතයාණන් බව ද පිළිගතිමි) එනම් එතුමාණන් කවර දූත පණිවිඩයක් ගෙන ආවේ ද කවර කරුණක් අප වෙත දන්වා සිටියේ ද ඒ සියල්ල සම්බන්ධයෙනි. "වබිල් ඉස්ලාමි" (ඉස්ලාමය පිළිබඳව) එනම් ඉස්ලාමයේ පවතින නියෝග හා තහනම් සියුලුම නීතී සම්බන්ධයෙනි. "දීනන්" ප්‍රතිපත්තිමය වශයෙන් හා අවනත වීමක් වශයෙන් ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ. එනම් සුළු පාපකම් සඳහාය.

හදීසයේ හරය

  1. අදානයට සවන් දෙන අවස්ථාවේ මෙම ප්‍රාර්ථනා පැවසීම පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • . .