عَنْ عَائِشَةَ رضي الله عنها أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَّمَهَا هَذَا الدُّعَاءَ:

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا».
[صحيح] - [رواه ابن ماجه وأحمد]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) තමන්ට මෙම ප්රාර්ථනාව ඉගැන්වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. اللَّهُمَّ إني أسألك من الخير كله عَاجِلِهِ وآجِلِهِ، ما علمتُ منه وما لم أعلم، وأعوذ بك من الشر كله عَاجِلِهِ وآجِلِهِ، ما علمتُ منه وما لم أعلم، اللَّهُمَّ إني أسألك من خير ما سألك عبدُك ونبيُّك، وأعوذ بك من شر ما عَاذَ منه عبدُك ونبيُّك اللَّهُمَّ إني أسألك الجنة، وما قرب إليها من قول أو عمل، وأعوذ بك من النار، وما قرَّبَ إليها من قول أو عمل، وأسألك أن تجعل كل قضاء قَضَيْتَه لي خيرًا. තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම ප්රාර්ථනාව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ඉගැන්වූහ. මෙම ප්රාර්ථව මෙලොව හා මතුලොව යහපත වෙනුවෙන් සමස්තයක් ලෙස ප්රයෝජනවත් වන වචන එකතුවකි. ඒ දෙකෙහි නපුරෙන් ආරක්ෂාව පැතීමකි. ස්වර්ගය හා එයට අදාළ ක්රියාවන් පැතීමකි. නිරය හා එයට අදාළ ක්රියාවන්ගෙන් ආරක්ෂාව පැතීමකි. සෑම තීන්දුවක්ම යහපතක් කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටීමකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර යහපතක් පැතුවේ ද එය අල්ලාහ්ගෙන් පැතීමකි. කවර කරුණකින් එතුමා ආරක්ෂාව පැතුවේ ද එයින් ආරක්ෂාව පැතීමකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර